Header Ads

Breaking News
recent

සජිත් ඉවතට ස්ථිරයි.. ජනාධිපති අපේක්‍ෂක නව සන්ධානයේ නායකයායි

ක්සත් ජාතික පක්ෂය ප්‍රධානත්වයෙන් බිහිකිරීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයන් පිහිටුවනු නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදීමට නියමිත බව එම පක්ෂයේ හිටපු මන්ත්‍රීන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

යෝජිත නව සන්දානයේ ව්‍යවස්ථා කෙටුම්පත අනුව එක්සත් ජාතික පක්ෂය ද නව සන්ධානයේ නායකත්ව මණ්ඩලයේ එක් අසුනක් පමණක් හිමිවෙන අතර නායකත්ව මණ්ඩලය විසින් නම් කරන පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කරනු ඇතැයිද කියා සිටියේය.

නැවත කතාවක් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂක තරග කිරීමේ අවස්ථාවක් ඇති බවත් පුරුදු පරිදි තමන් නායකත්වය අභියෝගයට ලක් වූ අවස්ථා වලදී කරන ආකාරයෙන් මෙවරද ඔහු නායකත්ව මණ්ඩලයක් පිහිටුවා එම අර්බුදය සමනය කර ගන්නා බවක් පෙනෙන්නට ඇතැයි ගුණරත්න මහතා පෙන්වා දෙයි.


No comments:

Powered by Blogger.