Header Ads

Breaking News
recent

මං පොහොට්ටුවට එක්වෙනවා.. ශ‍්‍රීලනිපය සජිත්ට සහය දෙන්න කුමන්ත‍්‍රණය කරනවා - ඩිලාන් හෙලි කරයි

මන් ප්‍රාර්ථනා කරන දිශාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමන් නොකරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක් වීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරු දරන කිහිපදෙනෙක් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග ගැට ගැසිමේ කුමන්ත්‍රණයක නියැලී සිටින බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවෙන් මුදල් ලද කිහිප දෙනෙකු මෙම කටයුත්තට මුල් වී ඇතැයිද ඔහු කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාප වලිගයේ ගැටගැසීමේ කුමන්ත්‍රණයක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ අතර ඔහුගේ පියා වන මාෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සඳහන් කළේ තම පුත්‍රයා වන ඩිලාන් පෙරේරා මහතා පොහොට්ටුවේ දේශපාලනයට සම්බන්ධ වන නිසා තමන්ට ආණ්ඩුකාර දැරිය නොහැකි බවයි.


No comments:

Powered by Blogger.