Header Ads

Breaking News
recent

සජිත් පිලෙන් අලුත් පක්‍ෂයක් ?

ක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම නව දේශපාලන පෙරමුණක් හෝ සන්ධානයක් බිහිකිරීම සඳහා සාකච්ඡා සිදු කරමින් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ බවට ඉඟි කෙරෙන සටහන් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී එජාප මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුම සිය ෆේස්බුක් පිටු ඔස්සේ මුදා හැර ඇත.

එක්සත් ජාතික ඵක්‍ෂය විසින් 05 වැනිදා නව දේශපාලන සන්ධානයක් ඇති කිරීමත් සමග සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය නොලැබෙන තත්ත්වයක් ඇතිවී තිබීම හේතුවෙන් මෙම කක්වය ඇති වී තිබෙන බව ආරංචි මාර්ග කියයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රීලනිප නායක්තවය අතහැර නව පක්‍ෂයක් බිහි කිරීමට තීන්දු කල ආකාරයෙන් සජිත් පේ‍්‍රමදාස මහතාද දැන් කල යුතුව ඇත්තේ එජාපය අතහැර තමන් සමග සිටින ජනතාවත් සමග නව ගමනක් ආරම්භ කිරීම බව එජාප ප‍්‍රබල ක‍්‍රියාකාරිකෙයෙකු සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇත.


No comments:

Powered by Blogger.