සිංහල අපේක්ෂකයකුට උතුරේ ඡන්දය දෙන්නේ නැහැ - උතුරේ ප්‍රබලයෝ නිවේදනය කරයි
මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු සිංහල ජනාධිපති අපේක්ෂකයකු සඳහා ඡන්දය භාවිත නොකර වර්ජනය කිරීමට උතුරේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන්ගේ TMK, වර්ධරාජා පෙරුමාල්ගේ E.P.R.L.F, ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම්ගේ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය, සරසවි ආචාර්යවරු හා සිවිල් සංවිධාන එකමුතුව ඊයේ (29දා) තීරණයකට එළැඹී තිබේ.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම හෙට (31දා) දිනයේ සිදුවන බැවින් තමන්ගේ ස්ථාවරය මෙසේ දැනුම්දෙන බව සඳහන් කරමින් සී.වී. විග්නේශ්වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ජනාධිපතිවරණයේදී කිසිදු සිංහල අපේක්ෂකයකුට ඡන්දය ප්‍රකාශ කරන්නැයි අපගේ ජනතාවට ඇඟිල්ල දිගුකොට පවසා සිටීමේ හැකියාවක් තමන්ට නොමැති බවද විග්නේශ්වරන් මහතා සිය නිවේදනය මඟින් අවධාරණය කර තිබේ.
තමන්ගේ ඉල්ලීම් 13 සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටවත් අකැමැති ජනාධිපති අපේක්ෂකයන්ට ඡන්දය භාවිත කරන්නැයි දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටීමට කිසිදු ධාර්මික අයිතියක් අපට නැතැයි එම නිවේදනය තවදුරටත් සඳහන් කර ඇත.
දිගු කාලයක සිට දෙමළ ජනතාවගේ අවශ්‍යතාවක් වන එම ඉල්ලීම් 13 කිසිදු අවස්ථාවක අත්හැරීමට සූදානම් නොමැති බවද විග්නේශ්වරන් මහතා එම නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
ඉහත සඳහන් අනෙකුත් පක්ෂ හා සංවිධානවල ජනපතිවරණය වර්ජනය කිරීමේ නිල නිවේදන ඊයේ රාත්‍රි නිකුත් කිරීමට නියමිතව තිබිණි.

No comments: