Header Ads

Breaking News
recent

පාසල් සම්පූර්ණයෙන් විවෘත කිිරීමට මාසයක් ගතවෙයි - සියලු පාසල් විෂබීජහරණය කර දින 4ක් වසා දමයි

සෞඛ්‍ය අංශ නිර්දේශ කරන දිනයක නැවත පාසල් ආරම්භ කලද අදියර හතරක් යටතේ සම්පූර්ණයෙන් පාසල් පටන් ගැනීමට තවත් මාසයක පමණ කාලයක් අඩුම තරමින් ගත වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසි.

ඔහු මේ බව පැවසූවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (11) පැවති කොරෝනා මර්ධන පාලන රැස්වීමේ දීය.

රට සාමාන්‍යකරණය කිරිමේ අවසන් පියවර ලෙස දරු දැරියන්ගේ ආරක්ෂාව වඩාත් සුරක්ෂිත වු දිනයේ දී පාසල් විවෘත කරන බවත් එම දිනය ලබන සතියේ දී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා සඳහන් කළේය.

එම දිනය ප්‍රකාශ කල පසු දිවයිනේ සෑම පාසලක්ම විෂබීජහරණය කර නැවත දින හතරක් වසා තබන බවත්  පලමුව විදුහල්පති හා ගුරුවරු ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලය කැදවන බවත් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කලේය.

ඉන් අනතුරුව උසස් පෙල, සාමාන්‍ය පෙල හා ඉන් පහල ශ්‍රේණි වල දරුවන් ක්‍රමයෙන් පාසලට කැදවා ගන්නා බවද හෙතෙම කියා සිටියේය.

දරුවන්ගේ දෑත් සෝදා ශරීරයේ උෂ්ණත්වය බැලීම සදහා අවශ්‍ය උපකරණ ද අධ්‍යාපන අමාත්‍යාංශය සෑම පාසලකටම ලබා දීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


No comments:

Powered by Blogger.