Header Ads

Breaking News
recent

සජිත්-මංගල මත ගැටේ.. එල්ලා මරන බව සජිත් කියයි

ත්‍රස්තවාදීන්ට, කුඩු ජාවාරම්කරුවන්ට, මිනීමරුවන්ට ස්ථිර වශයෙන්ම මරණ දඬුවම දිය යුතු බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ කටානේ දී පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.


‘මම අනිවාර්යයෙන්ම කුඩු ව්‍යාපාරය විනාශ කරනවා. කුඩ්ඩෝ මාව ඉලක්ක කළ හැකි නමුත් කුඩු විනාශ කිරීම වෙනුවෙන් බෙල්ල දෙන්න වුණත් මං සූදානම්’ යැයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ප්‍රබලයකු වන ඇමැති මංගල සමරවීර මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන්නෙකි.

No comments:

Powered by Blogger.