Header Ads

Breaking News
recent

ගෙදර ළඟටම ඇවිත් අතුරුදහන් වූගුරුවරිය මහවැලි ගඟෙන් මතුවූ හැටි

පසුගිය වසර 3 ක සිට හැටන් ශී‍්‍රපාද විද්‍යාලයේ ඉංගී‍්‍රසි විෂය හදාරන සිසු සිසුවියන්ගේ ඉංගී‍්‍රසි භාෂා හැකියාව ඉතා ඉහළ අගයක් ගනු ලැබීය.

මෙම තත්ත්වය විදුහල්පති වසන්ත කවිරාජ් මහතාට මහත් අස්වැසිල්ලක් වූයේ මෙයින් පාසලට මහත් අභිමානයක් ගෙන දීමම නොවේ. වතු ආශි‍්‍රත ප‍්‍රදේශයක පිහිටි මෙම පාසලෙන් ප‍්‍රදේශයේ දරුවන්ට ද මහත් යහපතක් වන බව දැකීම නිසාය.
මේ සියලූ කාරණාවලට හේතු වී තිබුණේ එම පාසලට නවක පත්වීමක් ලැබ පැමිණි චන්දිමා නිසංසලා රත්නායක ගුරුවරිය බව විදුහල්පතිවරයා පමණක් නොව මුළු පාසලම හා ප‍්‍රදේශවාසීන් ද දැන සිටියේය.

දැනුම පාදක කර ගත් පාසල් පද්ධතියක නිපුණතාවය ඉහළ අඩියකට ගෙන යන්නේ කෙසේද යන්න දන්නා විදුහල්පතිතුමා මේ නිසාම නිසංසලා ගුරුතුමියට පාසලේ 6 ශ්‍රේණිය භාර කරනු ලැබීය.

කවදත් නිහඬ චරිතයක් වූ චන්දිමා නිසංසලා ගුරුතුමිය වැඩට දක්ෂ වූවාය. මේ නිසාම ඇය තමාට පැවරුණු රාජකාරිය හොඳින් කරමින් ඉන් නොනැවතී පාසලේ අනෙක් දරුවන්ගේ ද නැණැස පෑදීමට උත්සාහ දැරුවාය.

අ.පො.ස. (සා. පෙ.* දරුවන් ගැන හොඳින් දන්නා ඇය විවේක ලද මොහොතක පවා ඔවුන්ගේ විභාගයට අවශ්‍ය ඉංගී‍්‍රසි සාහිත්‍යය මෙන්ම එදිනෙදාට අවශ්‍ය ඉංගී‍්‍රසි වචන ටික වැඩි දියුණු කිරීමට නිරන්තරව උත්සාහ දැරුවාය.

නිසංසලා රත්නායක උපාධිධාරිනියකි. ඇය පේරාදෙණිය විශ්වවිiාලයේ එම උපාධිය සම්පූර්ණ කර තිබුණේ ඉංගී‍්‍රසි මාධ්‍යයෙනි. මේ නිසාම ඇයට ටික කලකින්ම ගුරු පත්වීමක් ලැබී තිබිණි.

හැටන් කලාපයේ පාසලක මේ අයුරින් ඇය වැඩ කළ ද නිසංසලා උපන්නේ ගම්පොල කීරපන ප‍්‍රදේශයේය. ඇගේ නිවසේ සිට පාසලට කිලෝ මීටර් 60 ක් පමණ යා යුතුව ඇත. ඒත් ඇය එම කටයුත්ත දිනපතා විනෝදයෙන් කළේ ඈ සමග යන අනෙකුත් යෙහෙළියන් ද සමගිනි.

වර්ෂාව සමඟ සීතල අධික හැටන් ප‍්‍රදේශයට ඇය අලූයමින්ම ගම්පොලින් පිටත්ව යන අතර සවස පහ පමණ වනවිට ඇය යළිත් ගම්පොල නිවසට පැමිණීම සිදු කර ඇත.

මේ ආකාරයට පසුගිය ඔක්තෝබර් 01 වන දින ද සුපුරුදු ලෙස ඇය හැටන් සිට ගම්පොලට ඒමට පිටත් වූවාය. සුපුරුදු පරිදි ඇගේ යෙහෙළියන් වන සාවිත‍්‍රි ගුරුතුමිය ඇතුළු පිරිස හැටන් මහනුවර බසයට ගොඩවිණි. ඇය ගම්පොලදී

සියල්ලන්ගෙන් සමුගෙන ගම්පොල බස් නැවතුමෙන් බැස ගත්තේය. මේ ස්ථානයේ සිට නිවසට මීටර් 200 ක් නොමැත.

මේ දිනවල කඳුකර ප‍්‍රදේශයට අධික වර්ෂාවක්් පවතින අතර සවස් කාලයට වැසි තරමක් වැඩි වන්නේ තද මීදුම ද සමගිනි. නිසංසලා නිවසට යන විට වර්ෂාව ද ආරම්භ වී තිබූ අතර ඇය කුඩය ද ඉසලාගෙන ගමන ඇරඹුවාය. ගම්පොල දුම්රියපළ ආසන්නයේ කීරපන රේල් පාර ද මාරු වී ඇය නිවසට යෑමට ඇති අතුරු මාර්ගය දෙසට හැරෙන්නේය. ඒ ගම්පොල ඉගෙනුම උසස් අධ්‍යාපන ආයතනය අසලින්ය. ඇය එම අතුරු මාර්ගයේ ගමන් කරන අයුරු මෙම ආයතනයේ සීසීටීවී කැමරාවේ ද සටහන් විය. එය සවස 4 යි විනාඩි 6 ක් ලෙසය. එතැන් සිට නිවසට ඇත්තේ තවත් මීටර් 100 කටත් අඩු ප‍්‍රමාණයකි. 27 හැවිරිදි නිසංසලාට සිටින්නේ මල්ලී කෙනෙක් පමණකි. තාරක රත්නායක නමැති ඔහු මහනුවර සිල්වෙස්ටර් විiාලයේ උසස් පෙළ සිසුවෙකි.

මව වන චන්ද්‍රා ජයවීර ගම්පොල නගර සභාවේ ආයුර්වේද අංශයේ රැුකියාව කරන අතර පියා සරත් රත්නායකයි.

සවස 5.30 ට පමණ වී තිබියදීත් නිසංසලා නිවසට නොපැමිණියේය. වෙනදා තම දියණිය නිවසට පැමිණෙන වේලාව පසුවී ඇති නිසා මව මඳක් කලබල වූයේ ඒ වනවිට දැඩි වර්ෂාව සමග ? බෝවන නිසාය.

ඇය දියණියගේ ප‍්‍රමාදයට හේතු සොයන්නට වූවාය. සමහර විට අද ලෝක ළමා දිනය නිසා පාසලේ උත්සවයක් ඇත්දැයි ඇය කල්පනා කළාය. එසේ නැත්නම් පාසලේ රැුස්වීමක් ඇත්දැයි ඇය කල්පනා කළාය. තවත් බලා සිටීමට නොහැකි වූ ඇය පාසලේ විදුහල්පතිතුමාට දුරකථන ඇමතුමක් ගෙන සිය දියණිය පිළිබඳ විමසුවාය.

විදුහල්පතිතුමාගේ පිළිතුර වූයේ ඇගේ් අනෙක් යෙහෙළියන් සමඟ පාසල ඇරී ඇය ගිය බවය. එයින් කලබල වූ මව මේ පිළිබඳව ඥාතීන්ට හා අහල පහල අයට දැන්වීය.

මඟ තොට විපරම් කළ මේ පිරිසට නිසංසලා පිළිබඳව තොරතුරක් නොවූයෙන් මේ පිළිබඳව ගම්පොල පොලිසියට දැන්වීය. ගම්පොල පොලිසිය ද ඇත්තේ නිසංසලාගේ නිවසේ සිට මඳ දුරකිනි. ඒ අනුව පොලිස් නිලධාරීන් ද පැමිණ ඇය සෙවීම ආරම්භ කළේය.

නිසංසලා නිවසට යන මාර්ගයේ එක් පසෙක කොන්කී‍්‍රට් කාණුවකි. වර්ෂාව පවතින විට පමණක් මෙහි ජලය ගමන් කරයි. මෙම කාණුවට කොන්කී‍්‍රට් ආවරණ යොදා වසා තිබුණත් බොහෝ ස්ථානවල එසේ නොමැති අතර සමහර ස්ථාන දැඩි අවදානම් සේ පවතින අයුරු ද දක්නට ලැබේ.

මේ නිසාම ඇති වූ සැකය මත ගමේ පිරිස වසා ඇති ස්ථාන කීපයකින් කොන්කී‍්‍රට් ලෑලි ද ගලවා විපරම් කළහ. නමුත් ඒ කිසිම තැනක ඇය පිළිබඳ හෝඩුවාවක් නොවීය. ඒ අනුව අවට ලඳු කැලෑ මෙන්ම සැක සහිත නිවාස ද පරීක්ෂා කරනු ලැබීය. නිසංසලා තියා ඇය පැළඳ සිටි සෙරෙප්පුවක් කුඩයක් හෝ ඇය රැුගෙන ගිය බෑගයවත් හමු නොවීය. මේ නිසා ඥාතීන් එක්ව ඉගෙනුම අධ්‍යාපන ආයතනයේ සී. සී. ටී. වී. කැමරාව පරීක්ෂා කරනු ලැබීය. එහි තිබූ නිසංසලාගේ රුව දැකීමෙන් ඇය නිවස කරා ගමන් කොට ඇති බව පැහැදිලි විය.

පසුදා ඇය පිළිබඳ තොරතුරක් නොලද නිසා පොලිසිය මගින් කිහිප දෙනකුගෙන් ප‍්‍රශ්න කිරීම ද කරන ලදී. එයින්ද ප‍්‍රයෝජනයක් නොවීය.

මේ වනවිට නිසංසලා විවාහ ගිවිසගෙන තිබිණි. ඒ ගම්පොල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු සමගිනි. සංජීව සුරේෂ් නමැති මොහු මේ වනවිට මන්නාරම ප‍්‍රදේශයේ සේවය කරන්නේය.

නිසංසලා අතුරුදන් වනවිට සංජීවද නිවාඩු ලබා ඔහුගේ හොරණ නිවස වෙත පැමිණ සිිටියේය. නිසංසලාගේ අතුරුදන් වීම දැන ගත් ඔහු ද වහාම ගම්පොල ප‍්‍රදේශයට පැමිණ ඇය සෙවීමේ කටයුත්තට දායක විය.

නිසංසලා හා සංජීවගේ විවාහය ලියාපදිංචියට දින යොදාගෙන තිබුණේ ද මෙම මස 29 වැනිදාය. ඒ සඳහා ද සූදානමින් සිටියදී නිසංසලා අතුරුදන් වීම හිතා ගැනීමට නොහැකි දෙයක් බව සංජීව පැවසීය. මේ නිසා මොවුහු විවිධ පැති ඔස්සේ නිසංසලා සෙවීම ආරම්භ කළහ. නීතියේ පිහිට සොයන අතරේ නිසංසලාගේ මව ඇතුළු ඥාතීන් ගුප්ත ශාස්ත‍්‍රවල ද පිිහිට පැතීය. ඔවුන් ස්ථාන කීපයකින්ම ශාස්ත‍්‍ර ඇසීය. අඳුන බැලීය. ඒ සෑම තැනකින්ම කියා ඇත්තේ නිසංසලා තැනක සිරකරගෙන සිටින බවය. මේ අතර ගම්පොල පොලිසිය ද අධිකරණ කි‍්‍රයාවලිය තුළින් ඇගේ දුරකථන වාර්තා රැුගෙන පරීක්ෂණ කිරීම ආරම්භ කළ අතර බුද්ධි අංශ නිලධාරීන් හා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ විධිමත් කළේය.

නිසංසලාගේ අතුරුදන් වීමෙන් සිවු වන දිනට ද කිසිම හෝඩුවාවක් නොලද අතර මේ සිද්ධිය පිළිබඳ මාධ්‍ය මගින් ද ප‍්‍රසිද්ධ වී තිබිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ගම්පොල කටුගස්තොට ධම්මික ගුණවර්ධන සහෝදර මාධ්‍යවේදියා අප හට අපූරු තොරතුරක් සැපයුවේය. ‘‘මචං මහවැලි ගඟ දිගේ තරුණ කාන්තා මළ සිරුරක් ගහගෙන යනවා. එක දැන් සිටි ඩෙල් හෝටලය ළඟ රැඳිලා තියෙනවා. මම එතෙන්ට යනවා. මට හිතෙන්නේ උඹලගේ ටීච තමයි කියලා.’’

‘‘ හරි ඔයා ගිහින් හැඩරුව බලලා අපට කියන්න.’’ අපි පිළිතුරු දෙන ගමන් මේ පිළිබඳව නිසංසලාගේ මවුපියන්ට නොකියා ඇගේ් ඥාති නිවසකට මේ බව පවසා කලබල නොවන ලෙසත් අපේ යාළුවා හැඩරුව බලලා කීව ගමන් අපි දැනුම් දුන්නම දෙමාපියන්ට පවසන ලෙසත් දැන්වීය.

නමුත් ඊළඟට ධම්මිකගෙන් ලැබුණේ බලාපොරොත්තු නොවූ පිළිතුරකි. ‘‘මචං ගෙඟ් වතුර වැඩියි. බොර වතුර යන්නේ. ඒ මිනියත් එතනින් ගහගෙන ගිහින් මම ලේවැල්ල පාලම ළඟටත් ගියා. එතනිනුත් පහළට ගියා. මෙතන ආමි එක පොලිසිය ඉන්නවා. ඒත් ඒ අය වෙන කොහේදෝ යන අය. මිනිය ගන්න කවුරුත් උනන්දු නෑ.’’

ඉන්පසු අපට දැනගන්නට ලැබුණේ ගඟ දිගේ පහළට ගිය සිරුර පොල්ගොල්ල ජලාශයෙන් පහළට ද වැටී අතුරුදන් වූ බවයි.

මේ මළ සිරුර පිළිබඳව අපගේ දැනුම් දීම මත නිසංසලාගේ ඥාති නිවසේ අය කාටත් හොර රහසේ නුවර කටුගස්තොට ප‍්‍රදේශයට ගොස් ගඟ දිගේ්ම බලා වත්තේගම දක්වා ගොස් සෝදිසි කිරීමේදී මෙම කරුණ තහවුරු වී ඇති බව අපට දැන්වීය.

ගම්පොල පොලිසිය ද මෙම මළ සිරුර පිළිබඳව වත්තේගම, කුණ්ඩසාලේ, තලාතුඔය හා තෙල්දෙණිය පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගනු ලැබීය.

නිසංසලාගේ අතුරුදන් වීමෙන් දැන් දින 7 ක් ගත වෙලාය. 7 වන දින සවස තෙල්දෙණිය පොලිසිය වෙත ධීවරයකුගෙන් තොරතුරක් ලැබුණේ වික්ටෝරියා ජලාශයේ හාරගම දෙසට වෙන්නට කාන්තා මළ සිරුරක් ඇති බවය.

ඒ අනුව තෙල්දෙණිය පොලිසිය මේ බව තලාතුඔය පොලිසිය දැනුවත් කළ අතර තලාතුඔය පොලිසිය සවස 6 ට පමණ ඒ බව ගම්පොල පොලිසියට දැන්වීය. ගම්පොල පොලිසිය ඒ අවස්ථාවේම නිසංසලාගේ බාප්පා ද කැටුව එම ස්ථානය බලා ගියේ ගමනට අවශ්‍ය සියලූ දේද රැගෙනය. මළ සිරුර ඇති ස්ථානය වෙත යෑමේදී රාති‍්‍ර 8 ට පමණ පොල්ගොල්ල ප‍්‍රදේශයෙන් කිිමිදුම්කරුවන් දෙදෙනකු රැගෙන ගිය පොලිසිය ධීවරයාගේ ඔරුව සමඟ මළ සිරුර අසලට ගොස් එම සිරුර ගොඩ ගන්නා විට රාති‍්‍ර 10 ට ආසන්න වී තිබිණි. මෙහිදී නිසංසලා ගේ බාප්පාට ද එම සිරුර හඳුනා ගැනීමට නොහැකි විය.

සිරුර ගොඩ ගෙන තලාතුඔය පොලිසිය මගින් ආරක්ෂාව යොදවා පසුදා නිසංසලාගේ දෙමාපියන් හා ඥාතීන් මෙන්ම ඇය විවාහ ගිවිසගෙන සිටි සංජීව සුරේෂ් ද එම ස්ථානයට කැඳවා සිරුර හඳුනා ගැනීමට සැලස්වීය.

දින 7 ක්ම ජලයේ තිබූ සිරුර බෙහෙවින් විකෘති වී තිබූ අතර ඇය ඇඳ සිටි සාරියේ කොටසක් සිරුරේ රැුඳී තිබුණේය. අතේ බැඳගෙන තිබූ කහ පාට නුල හා හැට්ටය අනුව සිරුර නිසංසලාගේ බව දෙමාපියන් හඳුනා ගත්තේය.

ගම්පොල සොකෝ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කළ අතර ගම්පොල අපරාධ අංශ ස්ථානාධිපති කපිල බණ්ඩාර මහතා

ගම්පොල දිසා විනිසුරු ශී‍්‍රනිත් විජේසේකර මහතාගෙන් මේ පිළිබඳ නියෝගයක් ද ගනු ලැබීය.

ඒ අනුව 8 වන දින පස්වරුවේ මහනුවර මහෙස්ත‍්‍රාත් අධිකරණ අංක 2 මහෙස්ත‍්‍රාත් එම්. සරික්ඞීන් මහතා එම ස්ථානයට පැමිණ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්විය.

එහිදී සාක්ෂි ලබාදුන් නිසංසලාගේ පියා වන වීරසිංහ මුදියන්සේලාගේ රත්නායක මෙසේ පැවසීය.

‘‘මගේ දුව හරි අහිංසක කෙනෙක්. එයා විවාහ වෙන්නයි හිටියේ. දුවට වූ විපත පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්න කියලයි මම ඉල්ලන්නේ. අපට ඇත්ත දැන ගන්න ඕනෑ.’’

නිසංසලාගේ බාප්පා කෙනකු ද එහිදී මෙසේ සාක්ෂි ලබා දුන්නේය.

නිසංසලා දුව අතුරුදන් වුණාට පස්සේ මට මුල ඉඳලම සැකයක් තිබුණා. දුව කාණුවක වැටිලා ගහගෙන යන්න ඇති කියලා පවුලේ අනෙක් අය යන්ත‍්‍ර මන්ත‍්‍ර වැනි ගුප්ත දේවල්වලින් පිහිට පැතුවා. මට තොරතුරු ලැබුණ තැන්වලට ගිහින් මම හොයලා බැලූවා. මීට කලින් දින කීපයක් තිස්සේ මහවැලි ගෙඟ් පාවෙලා යනවා කිව්ව මළ සිරුර ගැනත් සොයලා බැලූවා.

චන්දිමා නිසංසලා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ගම්පොල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයෙනි. ඇය අ.පො.ස. (සා.පෙ.) විභාගය සමත් වීමෙන් පසු මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයට ඇතුළත්ව එහිදී උසස් පෙළ හදාරා මෙසේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් උපාධිය සම්පූර්ණ කොට ඇත.

නිසංසලා පිළිබඳ අදහස් දැක්වූ ඇගේ මව වන චන්ද්‍රා ජයවීර මහත්මිය,

‘‘මට ඉන්නේ දුවයි පුතයි. දුව ඉගෙන ගන්න දක්ෂ නිසාම එයා තැනකට ආවා. දුවට ගුරු පත්වීමක් ලැබුණා. ඒ මුල්ම පත්වීම ලැබුණේ හැටන් ශී‍්‍රපාද විiාලයට. එයා බඳින්න තීරණය කරලා නම් ප‍්‍රසිද්ධ කරලා තිබුණේ. ඒ පුතා පොලිසියේ කෙනෙක්. මේ මාසේ 29 දින රෙජිස්ටර් කරන්න ලෑස්ති කරලා තිබුණේ. දුවට මොනවා වුණා ද කියලා අපට හිතා ගන්න බෑ. නිසංසලාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අවස්ථාවේ ඇය

ගෙල බැඳි පවුම් 3 ක් වූ රන් මාලය ද ඒ අයුරින්ම ගෙලේ තිබී ඇති අතර ඉදිමී තිබූ සිරුරට එය වැසී ආරක්ෂා වී තිබූ බව ගම්පොල අපරාධ අංශ ස්ථානාධිපතිවරයා පැවසීය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු නිසංසලාගේ සිරුර ගම්පොල ඇගේ ගම් ප‍්‍රදේශයට ගෙන ආ අතර ඇගේ ඥාතීන් හා ප‍්‍රදේශවාසීන් සමඟ එක්ව ඒ සමගම දේහය ගම්පොල පොදු සුසාන භූමිය වෙත රැගෙන ගියේය.

එහිදී ප‍්‍රදේශයේ භික්ෂූන් වහන්සේ විසින් ආගමික වතාවත් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ඇගේ පාසලේ ගුරුවරුන් හා සිසුන් ද සහභාගි වී සිටි අතර ගම්පොල

නගරාධිපති සමන්ත අරුණ කුමාර උඩපලාත ප‍්‍රා. ස. උප සභාපති අසේල අමරසේන යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

ගම්පොල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ශි‍්‍රයන්ත පීරිස්, පොලිස් අධිකාරි චූලනී වීරරත්න, පොලිස් අධිකාරි ඕ. ජී. අමරබන්දු, ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති තුසිත හලංගොඩ යන නිලධාරීන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො. ප. කපිල බණ්ඩාර, පො. සැරයන් වරුන් වන (28946) රෝහිත, (11547) සෙනවිරත්න, (18305) පාලිත, පොලිස් කොස්තාපල්වරුන් වන (55749) ධම්මික, (55718) පුෂ්ප කුමාර, (68694) ඒකනායක හා සොකෝ නිලධාරීන් වන පො. ප. චම්පික විමලරත්න, පො. ප. ලියනගේ, පො. ප. බන්දුල (7343) අලහකෝන්, (12642) රත්නායක, (20191) නිලන්ත යන නිලධාරීන් පරීක්ෂණ සිදු කළ අතර තලාතුඔය පොලිස් ස්ථානාධිපති පො. ප. අරුණ කි‍්‍රශාන්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ද මෙහි පරීක්ෂණ කටයුතු සඳහා සකී‍්‍රය දායකත්වය සපයන ලදී.

උපුටාගැනිම – Divaina වෙබ් අඩවියෙන්

No comments:

Powered by Blogger.