චන්ද්‍රිකා ශ්රීලනිපය බලෙන් අල්ලාගනී.. පක්ෂ මහ සමුළුවක් කැදවයි.. සජිත්ට සහාය දෙන්න යයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපදේශිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයක් කැඳවීමටත් සූදානම් වෙයි.
එළැඹෙන 05 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මෙම සමුළුව කැඳවීමට සූදානම් කර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායකවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ අපේක්ෂකයන් ඇතුළු විශාල පිරිසකට දැනටමත් ආරාධනා කර තිබේ.
මෙම සමුළුව කැදවීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද ප්‍රධාන භූමිකාවක් ඉටු කරමින් සිටී.
ගෝටාභය රාජපක්ෂ මහතාට සහාය වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත තීරණයක් විරුද්ධව විකල්ප යෝජනා මෙහිදී සම්මත කර ගැනීම මෙහිදී සිදු කරනු ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුව කැඳවීමේ බලයක් හිටපු ජනාධිපතිනියට නොමැති අතර පක්ෂ නායකයා, පක්ෂ මහලේකම්වරයා විසින් සිදු කල යුත්තකි.
එමෙන්ම ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවද ඒකමතිකව යෝජනා සම්මත කර ඇත්තේ ගෝටාභය රාජපක්ෂ මහතාට සහාය දීමටයි.

No comments: