Header Ads

Breaking News
recent

සජිතට කඩේ ගිය චන්ද‍්‍රිකා සියල්ල අහිමි කර ගනී.. උපදේශකත්වයෙන් නෙරපා පක්‍ෂයෙන්ද පන්නන්න යයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය සහ උපදේශක ධුරයෙන් නෙරපා දැමීමට දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සාකච්ඡා වෙමින් ඇති බව වාර්තාවෙයි.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව ගන්නා ලද තීරණයට විරුද්ධව කටයුතු කිරීමත් ඊට තවත් සාමාජිකයන් පොළඹවා ගැනීමත් හේතුවෙන් ඇය පක්‍ෂ විනය කඩ කලේ යයි චෝදනා එල්ල වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව තීරණය කරන ලද්දේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට කටයුතු කිරීමටයි.

නමුත් ශ්‍රීලනිප උපදේශිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට එරෙහිව යමින් සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට ගිවිසුම් ගතවිය.

No comments:

Powered by Blogger.