Header Ads

Breaking News
recent

ඉන්දියා‌වෙ ගිය ජනපතිට ‌මෝදිගෙන් ලැබුණ තෑග්ග ගැන ‌නොදත් කතාව ‌මෙන්න



ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටින මෙරට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ දිනයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගෙන් රාමුකරන ලද සමූහ ඡායාරූපයක් තෑගි ලෙස ලැබුණි.
එම ඡායාරෑෑපයේ පසුබිම් කතාව ‌‌මෙ‌සේය ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවේ ආරක්ෂක සේවා කාර්යමණ්ඩල විද්‍යාලයේ (Defence Services Staff College) පාඨමාලාවක් හදාරන අවදියේ එහි සිටි ඔහුගේ ඉන්දියානු මිතුරෙකු වූ ජෙනරාල් V. K සිං ට පසු කලෙක ඉන්දියානු හමුදා කාර්යමණ්ඩලයේ ප්‍රධානියා වෙන්නට හැකි වූ අතර ඔහු මේ වනවිට භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය මෝදි ගේ කැබිනෙට්ටුවේ මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කටයුතු කරයි. 

විශේෂත්වය නම් සමූහ ඡායාරූපයේ තරුණ ගෝඨාභය රාජපක්ෂ සහ V.K සිං යන දෙදෙනාම දැකගත හැකිවීමයි. මෙම සමූහ ඡායාරූපය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලබාදුන්නේ ජෙනරාල් V.K සිං වන අතර එම ඡායාරූපය සමරු තිළිණයක් ලෙස අග්‍රාමාත්‍ය මෝදී විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත තිළිණ කරන ලදී. මෙය තහවුරු කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙටි පණිවිඩයක් එවා තිබුණේ මෙසේය.

" Yes. Photo was taken at the Staff College when I was following the course. My course mate who became the Army Chief later, is now a minister in Modi's cabinet. He is the minister in attendance in this visit."

ලෝකය ඉතා කුඩා ස්ථානයක් බවත්, ඔබ අසල සිටින ඔබගේ මිතුරා මතුයම් දිනෙක රටක රාජ්‍ය නායකයෙකු විය හැකි බවත් මෙම ඡායාරූපය නිදසුන් සපයයි.

සොනාල ගුණවර්ධන‌ෙගේ බුකියේ සටහන ඇසුරෙනි


No comments:

Powered by Blogger.