Header Ads

Breaking News
recent

බිංගිරිය ආයෝජන කලාපයේ මාර්ග පද්ධතිය ඉදිකිරීමේදී සිදුවන මහා පරිමාන මුදල් වංචාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිලි

බිංගිරිය ආයෝජන කලාපයේ කිලෝමීටර 6ක මාර්ගයක් ඉදිකිරීමේදී සිදුවන මහා පරිමාන මුදල් වංචාවක් ගැන බිංගිරිය ආයෝජන කලාපය සුරැකීමේ සංවිධානය විසින් පසුගියදා  අල්ලස් කොමිසම වෙත පැමිණිළි කරනු ලැබුවා
එම පැමිණිල්ල පහතින්

උක්ත මාර්ග පද්ධතිය ගම්පහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉදිකිරීම ආරම්භකර ඇති අතර එය 6Kmක් වූ මං තීරු දෙකක් සහිත කපට් අතුරන ලද දෙපස කාණු පද්ධතියක් ඇති මාර්ගයකි

මේ සඳහා ගම්පහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අනුමත කර ඇති මුදල රුපියල් මිලියන 2600ක් හෙවත් රුපිල් කෝටි 270කි.

අප සංවිධානය විසින් කරන ලද සොයා බැලීමට අනුව බිංගිරිය වැනි තැනිතලා ප්‍රදේශයක මෙ වැනි මාර්ගයක 1Kmක් ඉදිකිරීම සඳහා කුමන තත්ත්වයක් යටතේ වුවත් උපරිම වශයෙන් වැයවනු ලබන්නේ රුපියල් මිලියන 150ක් හෙවත් රුපියල් කෝටි 15කි ඒ අනුව මෙම මාර්ගය ඉදිකිරීම සඳහා උපරිම වශයෙන් වැයවිය යුතු මුදල රුපියල් මිලියන 900ක් හෙවත් රුපියල් කෝටි 90කි.

මේ අනුව ගම්පහ මාර්ග සංවර්ධන අධිකාරිය අනුමත කර ඇති මුදල සාමාන්‍යයෙන් වැයකල යුතු මුදලට වඩා රුපියල් මිලියන 1700ක් පමණ හෙවත් රුපියල් කෝටි 170ක් පමණ වැඩි බව පෙනී යයි.

ඉඩම් පවරා ගැනීමේ දී වන්දි ගෙවීමේ කටයුතු සඳහා වෙනම රුපියල් මිලියන 300ක මුදලක් වෙන්කර ඇති තත්ත්වයක් යටතේ මෙම අනුමත කර ඇති මුදල ඉතා අසාමාන්‍ය ලෙස වැඩි වී ඇති බව පෙනීයයි.

මෙම ව්‍යාපෘතියේ සැපයුම් කරුවෙකු ලෙස මේ දක්වා කටයුතු කරන ලද්දේ ප්‍රදේශයේඑජාප දේශපාලකයෙකි.ඹහුට මෙම සැපයුම් කටයුතු ලබාදීමේදී නිවැරදි ටෙන්ඩර් ප්‍රතිපත්ති අනුගමනය කලේදැයි සැකයක්ද පවතී.

සාමාන්‍යයෙන් පස්/බොරලු කියුබ් එකක් රුපියල් 5000කට නොවැඩි වුවත් මොවුන් ඒසඳහා රුපියල්12000ක මිලක් බිල් පත් මඟින් ඉදිරිපත් කර ඇත ඒ සඳහා ඔවුන් නයිවල වැනි දුර බැහැර ප්‍රදේශවලින් බොරලු ලබාගත් බවට ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ඇත නමුත් සත්‍ය ලෙසම මොවුන් බොරලු ලබාගෙන ඇත්තේ පඩිවෙල, හොරගස්අගාර ,කඩිගමුව අදී ඉතා ආසන්න ප්‍රදේශ වලිනි.

එමෙන්ම සාමාන්‍ය කියුබයක මිල රුපියල් 8000ක් පමණ වූ 6" 9" කලුගල් කියුබයක් සඳහා මොවුන් රුපියල් 30000ක් බිල්පත්හි සඳහන්  කර ඇත.

මෙසේ මොවුන් බොරලු කියුබයකින් රුපියල් 8000ක් පමණ සහ කලුගල් කියුබයක් රුපියල් 20000ක පමණ අයුතු ලාභ උපයාගෙන ඇත.

එමෙන්ම ඹවුන් ඉහත අසාමාන්‍ය මුදල් අනුමත කිරීමට අනුව සිය සැපයුම් ප්‍රමාණය වැඩිකර අයුතු ලාභ ඉහල නංවා ගැනීම සඳහා යොජිත මාර්ගය අසාමාන්‍ය ලෙස පොලව මට්ටමට ඉහලින් ඉදිකිරීමට පිඹුරු පත් සකසා ඇති බව පෙනී යයි නමුත් මෙම ප්‍රදේශය කිසිදා ගංවතුර තර්ජනයක් පැවති ප්‍රදේශයක්ද නොවේ කෙසේවෙතත් මෙම මාර්ගය මෙසේ පොලව මට්ටමෙන් අසාමාන්‍ය ලෙස උස් කර සකසනු ලබුවහොත් ප්‍රදේශ වාසීන්ගේ නිවෙස් ජලයෙන් යට වීමේ කර්ජනයකටද මුහුණ දීමට සිදුවනු ඇත.

අවසානයේ සොයා බැලිය යුතු කරුණු ලෙස...

1, මෙවැනි අසාමාන්‍ය මුදලක් අනුමත කල නීලධාරීන් කවුද? ඹවුන් එසේ කලේ ඇයි?

2, මෙම මාර්ගය මෙසේ අසාමාන්‍ය ලෙස පොලව මට්ටමෙන් ඉහලට සකස් කිරීමට හේතුව කුමක්ද?

3. පස් හා ගල් ඉතා දුර බැහැරින් ගෙන ආ ලෙස ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර  උක්ත සැපයුම්කරුවන් ඉහත අසාමාන්‍ය ලෙස අනුමත කරන ලද මුදලෙන් මේවන විට කොපමණ මුදලක් ලබාගෙන ඇතිද?

කරුණාකර මේ පිළිඹඳ ඉක්මනින් සොයා බලා වගකිව යුත්තන් නීතිය ඉදිරියට පැමණවීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු..

මෙයට, විශ්වාස

බිංගිරිය ආයෝජන කලාපය සුරැකීමේ සංවිධානය වෙනුවෙන්..
බන්ධුල සුබසිංහ(සභාපති)

No comments:

Powered by Blogger.