රාජ්ය ඇමතිවරුන් දිවුරුම්දීම බදාදා දක්වා කල්යයි !
භාරකාර රජයේ රාජ්ය ඇමැතිවරුන් දිවුරුම් දීම ලබන බදාදා (27) සිදු කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
කෙසේවුවද, මීට පෙර වාර්තා වී තිබුණේ රාජ්ය ඇමැතිවරුන් අද (25) දිවුරුම් දෙන බවයි.
බදාදා සුභ දිනයක් මෙන්ම දුක් දුරුවන දිනයක් යැයි කියැවෙන මතය හා රාජ්ය ඇමැතිවරුන් ලේඛනය මෙතෙක් සකස් කර නොමැති වීම නිසා එය කල් දමා ඇති බව පැවසේ.
භාරකාර රජයේ නව කැබිනට් ඇමැතිවරුන් 15 දෙනා පසුගිය සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
එම ඇමැතිවරුන්ට අයත් විෂය පථයත් අද (25) ගැසට් කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
මේ වන විට ඇමැතිවරුන් කිහිපදෙනකු රාජකාරි කටයුතු ද ආරම්භ කර තිබේ.

No comments: