Header Ads

Breaking News
recent

දෛව අංකය අනුව 2020 නව වසර ඔබට කොහොමද?

දෙසැම්බර් 31 වැනි දින මධ්‍යම රාත්‍රියේදී 2020 නව වසර උදා වන අතර මෙම නව වසරේ අධිපතියා වනුයේ රාහුය. රාහුට අයත් අංකය ලෙස අංක 4 සැලකේ. දෛව අංකය හෙවත් අංක විද්‍යාවට අනුව නව වසර උදාවීම තම තමන්ට කෙසේ බලපාවිද යන්න විමසා බැලීම අතීතයේ පටන් පැවැත එන කෙනකුගේ ඉදිරි ජීවිතය පිළිබඳ සුබවාදී මෙන්ම අසුබවාදී ප්‍රතිඵල දැනගත හැකි දෙයකි. 

දෛව අංකය අනුව 2020 ඔබට කෙසේ බලපාවිද යන්න විමසීමේදී ඔබගේ උපන් වර්ෂය, මාසය, දිනය දැනගැනීම අත්‍යවශ්‍යයි. උදාහරණ වශයෙන් 1967 ජනවාරි 12 වැනිදා උපත ලද බව සලකා දෛව අංකය මේ ආකාරයට සොයා බැලීම සිදුකළ යුතුයි. ඒ අනුව ඔබගේ දෛව අංකයට සොයා ගන්න. 1967 ජනවාරි 12 මේ ආකාරයට සටහන් කරමු. 1+9+6+7+1+1+2 වශයෙන් ලියා එකතු කරන්න. ඒ අනුව අංක 27 ලැබේ. එම අංක යළි 2+7 යනුවෙන් ලියා එකතු කරන්න. එවිට අංක 9 ලැබේ. මේ ආකාරයට අංක 9 ඔබට ලැබී ඇත්නම් අංක 9ට හිමි ප්‍රතිඵල මෙහි සඳහන් ලෙස සුබ හෝ අසුබ වශයෙන් දැනගත හැකිය. ඔබගේ දෛව අංකය අංක 1 නම් 2020 නව වසර ඔබට බලපාන අන්දම මෙසේය. 

1. අංක 1 දෛව අංකයට අනුව මෙම අංකය රාජ්‍ය කාරක රවි සහ සෙනසුරු නියෝජනය කරයි. මෙම වසර ඔබට වාසනාව උදා කරන, බලාපොරොත්තු ඉටු කරන, විවිධ තනතුරු ලැබීමට හැකි, කීර්තිය, ප්‍රසිද්ධිය ලැබෙන, බලය ශක්තිය පෙන්වන වැදගත් උසස් ආකාරයේ පුද්ගලයන් ඇසුරු කිරීමට ලැබෙන, වාසනාවන්ත ගෘහ ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදා වන වසරකි. විවාහ නොවී සිටින අයට විවාහ වීමට අවස්ථාව ලැබේ. නඩුවලින් ජය ලැබීමට, අධ්‍යාපන කටයුතුවලින් ජය ලැබීමට, රැකියා නොමැති අයට රැකියා ලැබීමට වාසනාව උදාවේ. රෝගාබාධ වශයෙන් සෙම සහිත රෝග වැලඳීමට ඉඩ ඇත.

2. අංක 2 දෛව අංකයට අනුව බැලීමේදී මෙම අංකය සඳුට අයත් සඳුගේ පාලනයට අයත් අංකයකි. මෙම 2020 නව වසර ඔබටද සතුට, සැපත ළඟා කරන වාසනාව පෑදෙන, සුබවාදී ලෙස ඉදිරියට ගමන් කිරීමට අවස්ථාව උදාවන වසරකි. අසරණ ජනතාවට, දුප්පත් ජනතාවට මෙන්ම රෝගීන්ට පෙරට වඩා උදවු උපකාර කිරීමට පෙලඹේ. ජීවිතයේ වාසනාව උදාකරන නව මඟකට ගමන් කිරීමට පෙලඹේ. ආගමානුකූලව කටයුතු කිරීමටද, දන්දීමටද යොමුව කටයුතු කිරීමටද පෙලඹේ. විදේශ ගමන් අපේක්ෂා කරන අයට ඒ සඳහා අවස්ථාව උදාකරගත හැකිය. මිල මුදල් ලැබීමට වාසනාව ඇත. රෝගාබාධ වශයෙන් ආමාශගත රෝග, බඩේ දැවිල්ල, අර්ශස් ආදී රෝග නිසා තරමක පීඩනයක් ගෙන දේ.

3. අංක 3 දෛව අංකයට අනුව සැලකීමේදී මෙම අංකය බ්‍රහස්පතිට හිමි අංකයක් ලෙස සැලකේ. සැපවත් වාසනාවන්ත කාලයක් උදාවන සහ මිතුරන් වර්ධනය වන මෙන්ම දේශපාලනයේ ඔබ යෙදී සිටී නම් ඉදිරි මහ මැතිවරණයේදී වාසනාව උදාවන වර්ෂයකි. ඔබ අපේක්ෂා නොකරන ජයග්‍රහණ ඔබට ළඟා කරයි. ප්‍රසිද්ධියට පත් වීම, උසස්වීම් ලැබීමට තනතුරු ලැබීමට හේතුවේ. රැකීරක්ෂා, ව්‍යාපාර හෝ කුමන ආකාරයට රැකියාවක නිරත වුවද සුබ පල උදා කරයි. ගොවි මහතකු නම් ඔබේ ගොවිතැන් කටයුතුවලට දියුණුව උදා කරයි. ආගමානුකූලව ජීවිත ගත කිරීමට පෙලඹේ. සුබවාදී ක්‍රියාවල නිරත වනු ඇත. රෝගාබාධ වශයෙන් සෙම් සහිත රෝග, නිව්මෝනියා වැනි රෝගවලට ලක්වීමට ඉඩ ඇත. ඒ පිළිබඳ සලකා කටයුතු කිරීම සුදුසු වේ.

4. අංක 4 දෛව අංකයට අනුව බැලීමේදී අංක 4 රාහු ග්‍රහයාට හිමිවේ. තමන් අපේක්ෂා කරන කටයුතු ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීමට අවස්ථාව උදාවේ. සමාජය තුළ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැඟෙනු ඇත. ව්‍යාපාර, ගොවිතැන් කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල. දියුණුව සැලසේ. විදේශ රැකියා ලැබීමට අවස්ථාව උදාකර ගත හැකිය. ලොතරැයි ජය ලැබීමට වාසනාව උදා කරගත හැකිය. අධ්‍යාපන කටයුතුවලට ඇති බාධක දුරු වේ. උත්සාහය, කැපවීම මත ඔබේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට අවස්ථාව ඇත. දණහිස්, යටිපතුල් ආදී ස්ථානවල විවිධ රෝග වැලඳීමට ඉඩ ඇත. 

5. අංක 5 දෛව අංකයට අනුව බැලීමේදී මෙම අංකය බුද්ධියට අධිපති බුධට අයත් වේ. 2020 නව වසර ඔබට බුද්ධිමත්ව සිතා දුරදිග බලා ලබන තීරණවලින් ජය ගත හැකිය. අධ්‍යාපන කටයුතු, පොත ඇසුරෙන් කරනු ලබන විවිධ කටයුතුතරග විභාගවල ජය ලැබීමට හේතු ඇත. උසස් අයගේ ඇසුර ලැබේ. නව රැකියා ලබාගැනීමට, රැකියා නොමැති අයට අවස්ථාව සලසා ගැනීමට ඉඩ ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවල දියුණුව සැලසේ. පීනස, හිසේ රෝග, ඇස්වල රෝග ඇති වීමට ඉඩ ඇත. 

6. අංක 6 දෛව අංකයට අනුව සැලකීමේදී මෙම අංකය සිකුරුට අයත් අංකයකි. මෙම වසර ඉතා සුබ වසරක් බවට පත් කරගැනීම ඔබට හැකියාව ලැබේ. ඇසුරු කරන්නන් නිසා ඉතා සුබ ප්‍රතිඵල උදා කරයි. ලොතරැයි ජය ලැබීමට වාසනාව උදාකරගත හැකිය. මිල මුදල් ලැබීමට වාසනාව ඇත. විවාහ නොවී සිටින අයට විවාහ වීමට අවස්ථාව සැලසේ. ඇතැම් අය නිසා ප්‍රශ්න, ගැටලු ඇති වීමට ඉඩ ඇත. ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. නීතිමය ගැටලුවලට ලක්වීමට හේතු ඇත. උනන්දුව, කැපවීම තුළින් වාසනාව උදා කරයි. ආගමානුකූලව කටයුතු කිරීමට පෙලඹෙයි. විදේශ රැකියා ලබාගැනීමට අවස්ථාව උදා කරගැනීමට හැකි බැවින් ඒ සඳහා උනන්දු වන්න.

වකුගඩු රෝගය, ගර්භාෂගත රෝග, ඇටමිදුලු රෝග, මුත්‍රා රෝග ඇති විය හැකිය.

7. අංක 7 දෛව අංකය කේතුට අයත් අංකයකි. මෙම නව වසරේදී ඔබේ දියුණුවට මාර්ග උදාකර ගත හැකිය. ගොවිතැන් කටයුතුවල හෝ වෙළෙඳ ව්‍යාපාරවල නිරත වී සිටී නම් දියුණුව සැලසේ. ඇසුරු කරන්නන් පිළිබඳ සැලකිලිමත් වන්න. කරදර, බාධක ඇති වේ. අධ්‍යාපනය ලබන අයට නම් සාර්ථක ප්‍රතිඵල ලද හැකිය. ජයග්‍රහණ උදාකරගත හැකිය.

ශරීර අප්‍රාණිකතා, කල්පනාව හීනවීම, ස්නායු රෝග ඇත. 

8. අංක 8 දෛව අංකය සෙනසුරුට අයත් වේ. 2020 නව වසරේදී ඔබට ඉතා හොඳ ප්‍රතිඵල ජනවාරි 24 වැනිදාට පසු උදා වේ. සමාජය තුළ කැපී පෙනෙන තත්ත්වයකට පත්වේ. සංවිධාන ශක්තිය ඇති වේ. දේශපාලනයේ යෙදී සිටී නම් සුබ ප්‍රතිඵල ලැබේ. උනන්දුව කැපවීම මත වාසනාව උදාකර ගත හැකි වේ.

මුත්‍රා ආබාධ, දණහිසි ඇටමිදුලු, ගෙල ආශ්‍රිත වේදනා මතුවේ. 

9. අංක 9 දෛව අංකය අඟහරුට අයත් අංකයකි. 2020 නව වසර ඔබගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට වාසනාව උදාවේ. තරගකාරිත්වය මත හෝ දේශපාලන කටයුතුවල නිරත වී නම් ජයග්‍රහණය ලැබීමේ අපේක්ෂාවන් ඉටු කර ගත හැකිය. ජනතා ප්‍රසාදයට ලක්වන සතුරු බාධක මැඬගෙන ඉදිරියට ඒමට ජය මාවතට පිවිසීමට වාසනාව උදාකරයි. මෙම වසර ඔබව කාර්ය බහුල ජීවිතයටකට පෙලඹේ. උසස් නිලධාරීන්, ප්‍රභූන් මෙන්ම ජනතාව අතරද ජනප්‍රියත්වයට පත්වේ. අසුරු කරන්නන් ඔබට මිල මුදල් ලබාදී ඉදිරියට ඒමට අවස්ථාව උදා කරයි. හදිසි ධන ලාභ ලැබීමට හේතු ඇත. ඔබේ ජනප්‍රියත්වයේ ප්‍රතිඵල මෙම ඉදිරි සෙනසුරු මාරුව සමඟ උදා කරයි. දේශපාලනයෙන් නම් අප්‍රේල් - මැයි මාසවලදී නම් ඔබව ඉහළට ඔසවා තබනු ඇත.

අධික රුධිර පීඩනය, මාංශපේශී දුර්වලතාවලින් ප්‍රවේශම් වන්න.

සිතේ සතුට සැපත වාසනාව උදා කරන යහපත් වර්ෂයක් උදාවේ. ඒ සඳහා ඔබගේ උත්සාහය කැපවීම මත ජයග්‍රාහී මාවතක ගමන් කිරීමට මෙම නව වසර ඔබව වාසනාව උදාකරනු ඇත. 




අම්බලන්තොට - නෝනාගම 

රුහුණු මහා භද්‍රකාලී අම්මාන් දේවාලයේ 

දේවගැති රූපසිංහ වෙද මහතා

0777497099

No comments:

Powered by Blogger.