Header Ads

Breaking News
recent

හිටපු ඇමති රාජිත ගෙන් තවත් සංශෝධිත ඇප අයදුම්පතක්

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අද (20) සවස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළිත් අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර තිබෙනවා.



හිටපු ඇමතිවරයා එම ඇප අයදුම්පත මගින් සඳහන් කර සිටින්නේ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරිපත් කළ ප්‍රකාශ මත තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවයි. දේශපාලන පළිගැනීමක් වශයෙන් මෙය සිදු කිරීමට සූදානම් වන බවත් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ව අපේක්ෂිත ඇපයක් මත මුදා කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඊයේ (19) දිනයේදී රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතක් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ එම අයදුම්පත ප්‍රතික්ෂේප කළේ අත්අඩංගුවට ගැනීමට නියමිත චෝදනා අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයේ සඳහන් නොවීම හේතුවෙන් බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියේ.

රාජිත් සේනාරත්න හිටපු ඇමතිවරයා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කර ඇත.

No comments:

Powered by Blogger.