සජිත් පක්‍ෂ නායකයා වීම වලක්වන්න රනිල්-කරු හවුලේ වැඩ !
සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට පත් කිරීම වැළැක්වීමට වත්මන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොව කථානායක කරු ජයසූරිය මහතාද කටයුතු කරමින් සිටින බව එජාප සජිත් පාර්ශ්වයේ ජේයෂ්ඨ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට පැවැසීය.
එජාපයේ අර්බුදයක් ඇතිව තිබෙන බව සඳහන් කරමින් ඉදිරි මහ මැතිවරණ සටන මෙහෙයවීම සඳහා මේ වනවිට ඇතිව තිබෙන බෙදීම වළක්වා පක්ෂය ජයග්‍රහණය කරවීම උදෙසා කටයුතු කළ හැකි නායකයා ලෙස කරු ජයසූරිය මහතා ඉස්මතු කිරීමට වික්‍රමසිංහ මහතා දරන උපායශීලී වෑයමට උඩගෙඩි දෙන ආකාරයෙන් කරු ජයසූරිය මහතා හැසිරෙමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
එජාපය අර්බුදයකට පත්වූ සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා තමන් කැප වූ බවත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේත් මන්ත්‍රි කණ්ඩායමේ පූර්ණ එකඟතාව පළ වන්නේ නම් එවැනි යෝජනාවක් සලකා බලන්නට හැකි බව ජයසූරිය මහතා අඟවා තිබෙන බවත් එම ප්‍රකාශකයා කියා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකත්වය ලබාදීමට කැමැත්ත පළ කර ඒ බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලිඛිතව කථානායක කරු ජයසූරිය මහතා වෙත දන්වා යැවුවද ජනවාරි 03 වැනිදා පාර්ලිමේන්තුව රැස්වනතුරු ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා ලෙස පිළිගැනීමට බලා සිටිය යුතු බවට කථානායකවරයා නිකුත් කළ නිවේදනයක සඳහන් කිරීමෙන් දෙසැම්බර් 12 වැනිදා රැස් වූ ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායකයා ලෙස සහභාගිවීමේ අවස්ථාව ප්‍රේමදාස මහතාට ඇහිරී ගිය බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ඉදිරි මහ මැතිවරණයේදී එජාපයේ අගමැති අපේක්ෂකයා වීමට නම් විපක්ෂ නායකත්වය පමණක් නොව එජාප නායකත්වයද අවශ්‍ය බව සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලිවම ප්‍රකාශ කර තිබියදී ඒ සඳහා ඇති මඟ අහුරමින් රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන උපායශීලී වැඩපිළිවෙළට කරු ජයසූරිය මහතා තිරය පිටුපස සිටිමින් සහාය දෙන බව පැහැදිලි යැයිද එම ප්‍රකාශකයා තවදුරටත් පැවැසීය.
එජාප මන්ත්‍රි කණ්ඩායමේ අති බහුතරයක් මෙන්ම එජාප පාක්ෂිකයන්ගෙන් අති බහුතරයක්ද ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට පත් කිරීමේ දැඩි අපේක්ෂාවෙන් පසු වෙද්දී එම ජනමතය පිටු දකින ආකාරයෙන් වික්‍රමසිංහ සහ ජයසූරිය මහත්වරුන් කටයුතු කිරීම දැඩිව හෙළා දකින බවද හෙතෙම සඳහන් කළේය.
එපමණක් නොව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකයා ලෙස පැවරී ඇති බලතල අනුව පත් කළ සභිකයන් 20 දෙනාගෙන් අතිබහුතරයක්ද ප්‍රේමදාස මහතාට පක්ෂපාතීව මේ වනවිට කටයුතු කළත් දෙසැම්බර් 31 වැනිදා වනවිට එජාප කෘත්‍යාධිකාරියේ නිල කාලය අවසන් වන නිසා වික්‍රමසිංහ මහතාට යළිත් තමන්ගේ අන්තේවාසිකයන් 20 දෙනකු ඊට පත් කර ප්‍රේමදාස මහතාට එරෙහිව කටයුතු කිරීම අඛණ්ඩව සිදු කිරීමේ මඟ සකසමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

No comments: