මගේ පාලන කාලයේදී ලංකාවේ විශාල සංවර්ධනයක් වුණා.. ඒ කාලෙ අධිවේගී මාර්ගය හැදුවා.. කටුමැටි ගෙවල් තට්ටු දෙකේ තුනේ නිවාස වුණා..
වසර 11 ක් වූ තම පාලන කාලයේදී ශ්‍රී ලංකාව විශාල වශයෙන් සංවර්ධනය සිදු වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
තමන් බලයට පැමිණීමට පෙර මෙරට තිබුනේ කටුමැටි නිවාස බවත් තම පාලන කාලයේදී ඒවා තට්ටු දෙකේ තුනේ නිවාස බවට පත් වූ බවත් ඇය සඳහන් කළාය.
ලක්‍ෂ ගණනක් රජයේ රැුකියා තම යුගයේදී ලබා දුන් බවද ඇය පැවසීය.
එමෙන්ම තමා පාලන කාලයේ දී අධිවේගී මාර්ගයක් ද ඉදිකල බවත් ඊට පසු පැමිණි පාලනය සුළු කොටසක් පමණක් නිම කළ බවත් ඇය සඳහන් කළාය.
කුමාරතුංග මහත්මිය මෙම අදහස් පළ කරන ලද්දේ අත්තනගල්ල ප්‍රදේශයේ දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

No comments: