Header Ads

Breaking News
recent

නිවාඩු දවස්වල රටපුරා යන්න චීන ජාතිකයෝ කෝච්චියක් ඉල්ලති

විවිධ ව්‍යාපෘති සඳහා මෙරටට පැමිණ සිටින චීන ජාතිකයන්ට නිවාඩු දිනවලදී කණ්ඩායම් වශයෙන් දිවයින පුරා සංචාරය කිරීමට සුඛෝපභෝගී දුම්රියක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය මගී ප්‍රවාහන කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

චීන ජාතිකයන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට මෙරට ව්‍යාපෘතිවල සේවකයන් ලෙස කටයුතු කරති. නිවාඩු දිනවලදී සහ සති අන්තයේ රාජකාරි කටයුතු නොමැති දිනවල කණ්ඩායම් වශයෙන් සංචාරය කිරීමට ඔවුහු රුචිකත්වයක් දක්වති.

මන්නාරම, පුත්තලම, යාපනය, ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකලපුව යන ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා මෙම සුඛෝපභෝගී දුම්රිය ලබාදෙන ලෙස චීන තානාපති කාර්යාලය ඉල්ලා තිබේ. ඒ සඳහා වැයවන මුදල චීන ජාතිකයන් ගෙවීමට සූදානම් බවද තානාපති කාර්යාලය දැනුම් දී ඇත.

මෙම ඉල්ලීම පිළිබඳ චීන තානාපති කාර්යාලය සමග සාකච්ඡා කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

උදයජීව ඒකනායක

No comments:

Powered by Blogger.