ගිය ආණ්ඩුවේ හොරුන්ට දඬුවම් කිරීම ජනතාවගේ එකම බලාපොරොත්තුව නොවේ - ඇමති ජොන්ස්ටන්
පෙර පැවති ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු සිදුවූයේ දේශපාලන දඩයම් කිරීම බවත් එහිදී දේශපාලඥයින් පමණක් නොව රාජ්‍ය නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන්, ව්‍යාපාරිකයින්, කලාකරුවන්, පොලිස් නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු මෙරට මහා සංඝරත්නයට ද ඔවුන් නිග්‍රහ කළ බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ මේ පිළිබඳ මහජනතාව විවිධ ප්‍රශ්න නැගුවත් වත්මන් රජයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ දූෂිතයින් සෙවීම නොව රටේ ජනතාවගේ ඒකායන බලාපොරොත්තුව වන රට සංවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීම බවයි.
මේ බව පැවසූයේ පසුගියදා කුරුණෑගල පැවති උත්සවයක දී අදහස් දක්වමිනි.
“අපි ජනාධිපති මැතිවරණයේ දී පොරොන්දු වුණේ වැඩ කරන රටක් බවට මේ ශ්‍රී ලංකාව පරිවර්තනය කරන්න. වැඩ බිමක් මුඩු බිමක් කරපු ආණ්ඩුවක් තිබුණේ ගියපාර. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ මේ රට වැඩබිමක් වෙලා තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම විනාශ කළා යහපාලන ආණ්ඩුවේ නායකයෝ. යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරු, මන්ත්‍රීවරු දියුණු වෙච්ච රටක්, ආර්ථිකය අතින් ආසියාවේ දෙවැනි තැනට ගෙනාපු රටක් අවුරුදු 04 ක් පාලනය කරලා අවුරුදු 25 කින් ආපස්සට අරගෙන ගියා. මේ මුළු ආර්ථිකයම විනාශ කරපු සාපෙන් කවදාවත් එක්සත් ජාතික පක්ෂයට ගැලවෙන්න හම්බවෙන්නේ නැහැ. මිනිස්සු සාප කර කර ගිහිල්ලා ඡන්දෙ දුන්නේ. ඒ තමයි ඇත්ත. ඒ නිසා තමයි අද ඔවුන් කරන කුමන්ත්‍රණ අතේ පත්තු වෙන කුමන්ත්‍රණ බවට පත්වෙලා තියෙන්නේ. මේ රටට ආශිර්වාදය තියෙනවා. ඒ නිසයි මේ රට ගැලවුණේ. ඒ නිසා තමයි නොයෙක් කුමන්ත්‍රණ සහ උතුරු නැගෙනිහිර ඡන්දය නැතිව මේ රටේ ජනතාව වැඩි ඡන්ද ලක්ෂ ගණනාවක් ලබාදීලා රටට පණ තියෙන නායකයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ජනාධිපති කෙරුවේ. ඔහුගේ පැමිණීම, ඡන්ද ඉල්ලීම හැම අතින්ම වළක්වන්න හදපු යුගයක් පසුගිය යුගය. නඩු දැම්මා, හිරේ දාන්න හැදුවා, අපේක්ෂකත්වය ගත්තම නඩු දැම්මා. මොනවද නොකෙරුවේ. ඒ හැමදේටම ඔබ අපි මුහුණ දුන්නා. ඒ තමයි ඇත්ත.
ඒ නිසා අද මිනිස්සු අහනවා මේ හොරකම් කරපු, රට කාපු, රටේ මහ බැංකුව හොරා කාපු, රටේ ජනතාවගේ මුදල් හොරා කාපු දේශපාලඥයින්ට ඇයි දඞුවම් කරන්නේ නැත්තේ කියලා. මගෙන් ඇහුවම මම කියන්නේ පළවෙනි දේ තමයි ඔවුන්ට දඞුවම් කිරීම නෙවෙයි මේ රටේ ජනතාවගේ එකම බලාපොරොත්තුව මේ රට දියුණු කරන එක. ඔවුන් බලයට ඇවිල්ලා කෙරුවේ හොරකම් කරන එකයි දේශපාලන දඩයමේ ගිය එකයි. දේශපාලඥයෝ විතරක් නෙවෙයි රාජ්‍ය නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන්, ව්‍යාපාරිකයින්, කලාකරුවන්, පොලිස් නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් හිරගෙදර ඇරියා විතරක් නෙවෙයි බෞද්ධ රටේ මහා සංඝරත්නය හැට නමක් හිරේ දැම්මා. ධම්මාලෝක හාමුදුරුවෝ දැම්මේ අලි පැටියෙක් හිටියා කියලා මාංචු දාලා හිර ගෙදරට දැම්මේ. ඒ සාපය තමයි ලැබුවේ. ඒ තමයි ඇත්ත. ඒකෙ හිටපු ඇමතිවරු ලැජ්ජාවක් බියක් නැතිව මේක බෞද්ධ රටක් නෙවෙයි කියන්න තරම් ඔවුන් කුරිරු වුණා. ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්න නායකයෙක් හිටියේ නැහැ ඒ පක්ෂවල. ඔවුන් එහෙම ප්‍රකාශ කරද්දී ඒවා වැරදියි කියලා ඉල්ලා අස්කරගන්න කියලවත් කියන්න පුළුවන් කොන්ද පණ තියෙන නායකයෙක් හිටියේ නැහැ ඒ ආණ්ඩුවේ. ඒ තමයි යථාර්ථය……” යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
– media unit

No comments: