Header Ads

Breaking News
recent

කෑගල්ල අධිකරණය පරිශ්‍රයේදී බිරිය ඝාතනය කළ සැමියා අත්අඩංගුවට.



කෑගල්ල අධිකරණය පරිශ්‍රයේදී තියුණු ආයුධයකින් පහරදී සිය බිරිය ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ සැමියා ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන

ඒ, කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතාගේ නියෝගයකට අනුවයි.

විභාගවීමට නියමිතව තිබූ නඩත්තු නඩුවකට පෙනී සිටීම සඳහා මෙම කාන්තාව අධිකරණ භූමියට පැමිණ සිටි අවස්ථාවේ ඇයගේ සැමියා තියුණු ආයුධයකින් පහරදී ඇය ඝාතනය කර තිබුණේ ඊයේ (17) පෙරවරුවේදීයි.

මෙම සිද්ධියට අදාළව එම අධිකරණ පරිශ්‍රයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි කෑගල්ල පොලීසියේ සැරයන්වරුන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට ද පියවර ගැණුනා.

ඒ රාජකාරිය නිසි පරිදි සිදු නොකිරිමේ චෝදනාව මතයි.

No comments:

Powered by Blogger.