Header Ads

Breaking News
recent

ජනාධිපතිගේ රාජාසන කතාව පරදන්නට එජාප පිරිසක් කුමන්ත‍්‍රණය කරනවා..- එජාප මන්ත‍්‍රී මරික්කාර්

ජනවාරි තුන් වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් පසු සිදුකරන රාජාසන කථාව පරාජය කරවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සාකච්ඡා කරන බව ම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

නමුත් තමන් ඊට එකඟ නොවන බවත් රාජාසන කතාව පරාජය කිරීමට ඡන්දය ලබා නොදෙන බවත් ඔහු පවසයි.

ජනාධිපතිවරයා පත් වූයේ බහුතර ජනතා ඡුන්දයෙන් නිසා රාජාසන කතාව පරාජය කිරීම අනුවන පිරිසගේ වැඩක් යයි ද ඔහු කියා සිටියේය.

විපක්ෂයක් ලෙස කළ යුතුව ඇත්තේ ජනාධිපතිවරයා කරන යහපත් දේ සඳහා සහාය දැක්වීම මෙන්ම ඡන්ද සමයේ දී ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන තැනට බලකිරීමත් බව තව දුරටත් කියා සිටී.

No comments:

Powered by Blogger.