Header Ads

Breaking News
recent

'ජාතිවාදීන් තව දුරටත් රජුන් තනන්නන් නොවේ.. මා කුරහන් සාටකයේ දර්ශණය ඇති ගිරුවාපත්තුවේ රාජපක්‍ෂවයෙක්' - ජනපති පාර්ලිමේන්තුව අමතයි

ප සියලු දෙනාගේම වගකීම වන්නේ ජනතාවට සේවය කිරීමයි.

මම අවුරුදු විස්සක් හමුදාවේ සේවය කළා. වසර 10ක් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළා.

රුහුණේ ගිරුවාපත්තුවේ මැදමුලන මූලාශ්‍රය කරගත් පරම්පර තුනක රාජපක්ෂවරු ඡන්දයෙන් පත්වූ මහජන නියෝජතයන් ලෙස කටයුතු කර තිබෙනවා.
මන්ත්‍රීවරු, ඇමතිවරු, නියෝජ්‍ය කථානයකවරයෙක්, කථානයකවරුයෙක්, අගමැතිවරයෙක්, විපක්ෂනායකවරයෙක්, ජනපතිවරු දෙදෙනෙක් පත්කර තිබෙනවා.

කුරහන් පාට සාටකය අදින්නේ නැතිවුණත් මම නියෝජනය කරන්නේ එහි ගැඹුරු දර්ශනයයි.

එම දර්ශනය මා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන්ව තිබෙනවා.

එය සභාගත කරනවා. ජනතාව මට පැහැදිලි ජනවරමක් දුන්නා.

ජනතාව මා ගැන තැබූ විශ්වාසය කඩ නොකරන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට මමත් මගේ රජයත් කැපවෙනවා.

ජනතාවට අවශ්‍ය වුණේ දේශපාලනයේ වෙනසක් කරන්නයි.

තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිමට අවස්ථාවක් නෑ.

මම ආරාධනා කරනවා අදාළ දේශපාලඥයින්ට මේ දේ තේරුම් ගන්න කියලා.

ජාතිය ගොඩ නැගීමේ කර්තව්‍යයට එකතුවෙන්න.

අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මගේ ධුරකාලය තුළ ඒකීය රාජ්‍ය ආරක්ෂා කරනවා. බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂනය කරනවා. ඕනෑම අයෙකුට කැමති ආගමක් අදහන්නට අවස්ථාව තිබෙනවා.

මෙහි තර්කානුකූල වාද විවාද ඇතිවුණා. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රැක ගැනීමට මන්ත්‍රීවරු උත්සාහ කළා.


No comments:

Powered by Blogger.