Header Ads

Breaking News
recent

ගුවන් යානය ගහේ වැදුණා - බෝම්බයක්‌ වගේ ශබ්දයක්‌ එක්‌ක ගිනි ජාලාවක්‌ මතුවුණා - CCTV දර්ශන

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් චීනයේ නිෂ්පාදිත වයි 12 ගුවන් යානයක්‌ ඊයේ (03 වැනිදා) පෙරවරු 9.15 ට පමණ හපුතලේ කම්බිපිල්ලේ වත්ත අයිස්‌පීල්ල ප්‍රදේශයේදී කඩා වැටීමෙන් ගුවන් හමුදා සාමාජිකයන් සිවු දෙනකු මියගියේය.

වීරවිල ගුවන් තොටුපළෙන් ගුවන්ගත වී ඇති මෙම යානය රත්මලාන ගුවන්තොටුපළ වෙත ගොඩබෑමට යමින් සිටියදී මෙසේ අනතුරට පත්වී තිබේ.

කාර්මික දොaෂයක්‌ නිසා මෙම යානය කඩාවැටෙන්නට ඇති බවට සැක පහළ කරයි.

මෙම ගුවන් අනතුරින් මියගොස්‌ ඇත්තේ ගුවන් යානය පදවාගෙන පැමිණි ස්‌කොඩ්ඩ්‍රන් බුද්ධික වීබැද්ද, පියාසර ලුතිනන් ලංකාපුර කුලතුංග සහ ගුවන් නිරීක්‍ෂණ නිලධාරීන් වන අයි. ඩබ්. ආර්. ඩබ්. කුමාර, එල්. ඒ. සී. හෙට්‌ටිආරච්චි යන සිව්දෙනා බවට හඳුනාගෙන ඇත.

මහනුවර ප්‍රදේශයේ පදිංචි පියාසර ලුතිනන් ලංකාපුර කුලතුංග ළ`ගදී විවාහ වීමට සූදානමින් සිටි බවද ගුවන් හමුදා ආරංචිමාර්ග සඳහන් කරයි.

මුලින්ම යාත්‍රාවේ පණිවුඩ හුවමාරුව නතරවී ඇත. චීනයේ හැබින් සමාගම නිපදවූ මේ යානාව මෙයට වසර කීපයකට පෙර මෙරටට ගෙන්වා තිබුණි.


මෙම සිද්ධිය ඇසින් දුටු මොහොමඩ් සෆ්රාන් මෙසේ පැවසීය.
 

'මම ගෙදර හිටියේ. ගුවන් යානයක්‌ හපුතලේ නගරය පැත්තට යනවා දැක්‌කා. ඒ වේගෙන්ම අපේ නිවස පැත්තට එනවා දැක්‌කා. මමත් බලන් ඉඳිද්දී ගේ ඉස්‌සරහ තියෙන ගහක අත්තක ගෑවුණා. ඒ ගමන්ම ඒ වේගෙන්ම ඇවිත් අපේ ගේ ඉස්‌සරහ ටූනා ගහේ වැදුණා. ඒ එක්‌කම බෝම්බයක්‌ පිපුරුවා වගේ සද්දයක්‌ ඇවිත් කළු දුමක්‌ සමග ගිනි ජාලාවක්‌ ආවා. ඉන් පස්‌සේ අපි වතුර ගසා නිවන්න බැලුවා. ඒ වුණාට එය ගිනි ගත්තා. අපිට නිවන්න බැරිවුණා. අපේ දරුවොත් පාසල් ගිහිල්ලා හිටියේ. ගෙදර සිටිය දරුවා බයවෙලා කෑගැහුවා.

හපුතලේ පොලිසියේ රථවාහන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නවරත්න මහතා මෙසේ කීවේය.

zමම පොලිසියේ ඉන්නකොට සැහැල්ලු ගුවන් යානයක්‌ පහතින් යනවා දැක්‌කා. එය
හපුතලේ මහ විද්‍යාලය පැත්තට ගමන් කරනවා දැක්‌කා. තත්පර ගණනකින් කළු දුමක්‌ එක්‌ක ගිනි පිටවෙනවා දැක්‌කා. මම වහාම පොලිස්‌ සැරයන්වරයෙක්‌ එක්‌ක ඒ ස්‌ථානයට ගියා. ඒ ස්‌ථානයේ සිට පොලිස්‌ ස්‌ථානාධිපතිතුමා ඇතුළු සියලු දෙනා දැනුවත් කළා.

සිද්ධිය ඇසින් දුටු ආර්. මාරිමුත්තු - මෙම ගෙදර ඉන්නකොට ගුවන් යානයක්‌ පහතින් ආව. ගෙදර ළ`ගටම එනව වගේ දැක්‌කා. මම බය වුණා. ඒ එක්‌කම අල්ලපු ගෙදර වත්තෙ ගහේ අත්තක යානය වැදුණා. ඒ එක්‌කම බිමට වැටුණ යානයෙන් ලොකු දුම් ගොඩක්‌ එක්‌ක ගිනි පත්තු වුණා. නිවන්න උත්සාහ කළා කට්‌ටිය එකතු වෙලා. ඒත් බැරිවුණා.

මේ සිද්ධිය ගැන ඉහළ පෙළේ පරීක්‍ෂණයක්‌ පවත්වන බව ගුවන් හමුදා ආරංචිමාර්ග පැවසීය.

වයි 12 යානාව ඩොලර් මිලියන 3 ක්‌ වැයකර මෙරටට ගෙන්වා තිබුණි.

15 දෙනකුට ගමන් කළ හැකි මේ යානාවේ එන්ජින් දෙකකි.

මෙවන් යානා 2 ක්‌ අලුතින් මිලයට ගැනීමට ගුවන් හමුදාව පසුගියදා තීරණය කර තිබුණි.

මෙයට පෙර වයි 12 යානාවක්‌ අනතුරට පත්ව නැත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දියතලාව කඳවුරේ නිලධාරීන් සමග හපුතලේ - දියතලාව - බණ්‌ඩාරවෙල- හල්දුම්මුල්ල ආදී පොලිස්‌ ස්‌ථානවල නිලධාරීහු පරීක්‍ෂණ කටයුතු මෙහෙයවමින් සිටිති.



No comments:

Powered by Blogger.