Header Ads

Breaking News
recent

රජය දැවැන්ත ආර්ථික අර්බුදයක.. කෝටි 50,000ක හිග ණය හිරවෙයි

සුගිය වසර කිහිපයේදී නොගෙවන ලද බිල්පත් ද ඇතුළුව රුපියල් කෝටි දහස් ගණනක මුදලක් ගෙවීමට තිබීම නිසා රජය මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව තිබේ. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ට රජය විසින් ගෙවන්න ගෙවීමට ඇති ණය මුදල රුපියල් කෝටි 54,000ක ඉක්මවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
මේ හේතුවෙන් එම ණය මුදල පියවීම සඳහා රුපියල් කෝටි 36,700 ක් ලබා ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද රජය කටයුතු කර ඇත.

මෙතරම් විශාල මුදලක් හිග බිල් පත් කිරීම සඳහා වැය කරන්නට සිදු වීමත් සමග රජයේ අපේක්ෂිත ආදායම රුපියල් කෝටි 60,000කින් පමණ අඩු වීම සමග රජය දැඩි ලෙස මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.


No comments:

Powered by Blogger.