Header Ads

Breaking News
recent

කටුපොල් තහනම් කරන්න බෑ.. එහෙම වුණොත් ෆාම් ඔයිල් රටින් ගේන්න වෙනවා – රමෙිෂ් පතිරණ

ටුපොල් වගාව පාරිසරික විනාශයක් සිදුකරමින් තිබුණ ඊට එරෙහිව තහනම් නියෝග නිකුත් කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට බලයක් නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

විනාශකාරී කටුපොල් වගාව තහනම් කිරී⁣ම සම්බන්ධයෙන් ජනතා විරෝධතා ඇවිල යමින් තිබියදී සහ පසුගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින්ද එහි විනාශකාරිත්වය පිළිගෙන තහනම් කිරීමේ තීරණයක් ගෙන තිබිණි.
එහෙත් කටුපොල් වගාව තහනම් කිරීමේ නියෝගයක් මේ වන තෙක් ගැසට් කර නොමැත.

මේ සම්බන්ධයෙන් මූලික මැදිහත්වීමක් සිදුකළ ගාල්ල දිස්ත්‍රික්ක පරිසර සංවිධාන එකමුතුව වරින්වර නිලධාරින් හා ආණ්ඩුවල බලධාරින් සමග මේ ගැටලුවට නීතිමය බලපෑමක් සිදුකිරීමට අවධානය යොමු කරමින් මැදිහත් විය.

ඒ අනුව ඒ පිළිබඳ සාකච්ජා කිරීම සඳහා පෙරේදා (19) පරිසර සංවිධාන ඇතුලු කටුපොල් වගාවන් හේතුවෙන් පීඩාවට පත් ජනතාව නියෝජනය කරමින් පිරිසක් වැවිලි කර්මාන්ත ඇමතිය රමේෂ් පතිරණ හමුවිය.

එහිදී පැවති සාකච්ඡාවේදී ඇමතිවරයා පවසා ඇත්තේ, කටුපොල් වගා කිරීම නැවැත්වීමට කැබිනට් තීරණයක් ගෙන තිබුණ ද කටුපොල් වගාව තහනම් කිරීමට කිසිදු බලයක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සතුව නොමැති බවත්, එය කළ හැක්කේ පරිසර අමාත්‍යාංශයට බවත්ය. කැබිනට් තීරණය නොතකා කටයුතු කරන රාත්‍රී කාලයේ හොර රහසේ කටුපොල් සිටුවන සමාගම් සම්බන්ධයෙන් ද පියවරක් ගත නොහැකි බව ඇමතිවරයා අනාවරණය කළේය. එම දැවැන්ත සමාගම් සම්බන්ධ කටයුතු කිරීමේ හැකියාව පවතින්නේ මුදල් අමාත්‍යාංශය යටතේ බව ඔහුගේ අදහස විය.

තවදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ මේ වන විට මෙරට තෙල් පරිභෝජනයෙන් 40% කට වඩා පාවිච්චි කරනුයේ පාම් ඔයිල් බවත් මෙරට කටුපොල් වගාව නතර වුවහොත් පාම් ඔයිල් පිටරටින් ගෙන්වීමට සිදු වන බවයි.

කටුපොල් වගාවට එරෙහිව ජනතාව හඬ නගන විට විපක්ෂයේ සිටින කාලයේත්, ආණ්ඩුව පත්වු විගස ඇමතිවරයා විසින්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ කටුපොල් තහනම් කරන බවය.


No comments:

Powered by Blogger.