Header Ads

Breaking News
recent

ලංකාදීප කර්තෘ CID ය හරවා යවයි; ලංකාදීපය ඇතුළේ දිවයිනත් හොයලා

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ  හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන  මහතා  ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ එම ප්‍රවෘත්ති සහ ලිපි ලියූ ලේඛකයන්ගෙන්  ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීහු  කණ්ඩායමක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප  ප්‍රධාන  කාර්යාලයට ඊයේ  (28) උදේ ගොස් තිබිණි.

කෙසේවෙතත්  ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ පිළිතුරු දීමට සූදානමක් නොමැති බවට ලංකාදීප ප්‍රධාන  කතුවරයා දැනුම් දීම නිසා එම විමර්ශන නිලධාරී කණ්ඩායම ලංකාදීප ප්‍රධාන කාර්යාලයෙන් ඒ මොහොතේම පිටව ගොස් තිබිණි.

එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලංකාදීප ප්‍රධාන කාර්යාලයෙන් එසේ පිටව ගියේ  ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා   වෙනත් දිනයක නැවතත් පැමිණෙන බවට දැනුම් දෙමින් බවද වාර්තා වේ.

ලංකාදීප පුවත්පත එම ලිපි සහ ප්‍රවෘත්ති වලින් අනාවරණය කර  තිබුණේ පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතා විසින් පළ කරන ලද අදහස්ය.

සතොස සුදුළූනු  වංචාව ඇතුළු අනෙකුත් දූෂණ අක්‍රමිකතා  සම්බන්ධයෙන්  ඒ මහතාගෙන් ප්‍රශ්න කර  තොරතුරු ලබාගෙන  විමර්ශන පවත්වනවා වෙනුවට පුවත්පතේ කර්තෘවරයාගෙන් සහ එම ලිපි සහ ප්‍රවෘත්ති ලියූ ලේඛකයන්ගෙන්  ප්‍රශ්න කිරීමට  සූදානම්වීම  විහිළු සහගත මෙන්ම   මාධ්‍ය  නිදහසට එල්ල කරන බරපතළ ආකාරයේ  තර්ජනයක්  බව මාධ්‍ය සංවිධාන පෙන්වා දෙයි.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී සී.ඩී. වික්‍රමසේකර මහතාගේ නිල මුද්‍රාවෙන් නිකුත් කර තිබූ විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට (මාධ්‍ය වාර්තාකරුවන්) කැඳවීම යන සිරස්තලයෙන් ලංකාදීප වෙත නිකුත් කළ ලිපියේ දිවයින කර්තෘවරයාට ද පැමිණෙන්නැයි දක්වා තිබීම මාධ්‍යවේදීන් අතර හාස්‍යට ලක්ව තිබූ බවද පැවසේ.

ඒ දිවයින ලංකාදීප මුද්‍රනය කරනු ලබන විජය පුවත්පත් සමාගමට අයත්වූවක් නොවන බවැනි.
-srilankamirror

No comments:

Powered by Blogger.