Header Ads

Breaking News
recent

වාහනේ ඉස්සර කළ කියා ජොගින් ගිය කර්නල් තරුණයකුට ලේ එන්න ගහලා! ගම්මු වටවෙයි! පොලිසියත් එයි!

අද උදෑසන කැස්බැව හල්පිට ප්‍රදේශයේදී යුද හමුදාවේ කර්නල් වරයෙකු වයස අවුරුදු 23ක් පමණ වන තරුණයේකුට අමානුෂික ලෙස පහර දී තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ යතුරුපැදියකින් ගමන් කළ තරුණයා හමුදා නිලධාරියාගේ වාහනය පසුකර යාමේදී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් උරනව මෙම කර්නල් වරයා තරුණයාට පහර දී ඇති බවයි.

ව්‍යායාම කිරීම සඳහා හමුදා ලංඡව සහිතව හමුදාවෙන් නිකුත් කළ ව්‍යායාම ඇදුම් කට්ටලයකින් සැරසී හමුදාවෙන් ලබා දුන් නිලරථයෙන් ගමන් කරමින් සිටියදී ඉතා අශෝභන ලෙස හැසිරෙමින් තරුණයාට බිම පෙරළාගෙන අතින් පයින් පහදුන් කර්නල්වරයා පසුව එම ස්ථානයෙන් ඉවත්වයෑමට සූදානම් වන විට
ගම්වාසීන් ඊට විරෝධය පා කර්නල්වරයා රඳවාගෙන ඇත.

තරුණයාගේ තත්ත්වය විමසා බැලීමේදී ඔහු ලේ වමනේ දමන බව දැක ගම්වාසීන් තරුණයා වෑතර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් අතර පොලිසියට මේ බව දැනුම් දී ඇත. පසුව එම ස්ථානයට කහතුඩුව පොලිස් ස්ථානයෙන් නිලධාරීන් දෙදෙනකු පැමිණ තිබේ.

පොලිස් නිලධාරීන් ඉදිරියේදී තමන් තරුණයාට පහර දුන් බව කර්නල්වරයා පිළිගත් අතර කර්නල් වරයා අත්අඩංගුවට ගන්නා ලෙස රැස්වසිටි ජනතාවගෙන් එල්ලවූ බලපෑම නිසා එහි පැමිණි කහතුඩුව පොලිසියේ ලක්මාල් නමැති පොලිස් නිලධාරියා කර්නල්වරයාගේ නිලරථයටම ගොඩවී ඔහු පොලිසියට රැගෙන යන බව පවසමින් පිටව ගියේය. 
-අරුණ

No comments:

Powered by Blogger.