Header Ads

Breaking News
recent

යාල හෝටලේ ගහන්න ප්‍රදේශීය ලේකමුත් හවුල් වෙලා!

ව්‍යාපාරිකයකු විසින් එළි පෙහෙළි කරන ලද යාල ජාතික වනෝද්‍යානයට ආසන්න ප්‍රේරක කලාපයේ පිහිටි, ඉඩම පෞද්ගලිකව මැනුම් කටයුතු කිරීම සඳහා තිස්සමහාරාම හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා ලිපියක්ද නිකුත් කර තිබෙන බව අනාවරණය වේ.

මෙම සිද්ධියට සම්බන්ධව ව්‍යාපාරිකයා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ අයකුගේ සහෝදරයකු ලෙස පෙනී සිටින බවද පැවසේ.

කෙසේ වෙතත් අදාළ ලිපියේ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා සිය අත්සන යොදා නොමැති බවත් හම්බන්තොට දිසා වන නිලධාරි කාර්යාලයේ නිලධාරීන් කරන ලද පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.

මෙම ඉඩම ආශ්‍රිත ප්‍රදේශයේ පසුගිය අගෝස්තු මස 04 වැනිදා වන විට වැව් බැම්මක් ඉදිකර තිබේ.

වැව් බැම්ම ඉදිකිරීමේ කටයුතු සඳහා යොදාගත් බැකෝ යන්ත්‍ර සහ ට්‍රැක්ටර් පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූවද ඒ සම්බන්ධව නිසි පියවරක් ගැනීමට පොලිසිය අපොහොසත් වී තිබෙන බව වන සංරක්ෂණ නිලධාරීහු පවසති.

යාල ජාතික වනෝද්‍යානය ආසන්න අක්කර 3500 ක ප්‍රදේශයක් 2014 වසරේදී අපනයන ගම්මානයක් ඉදිකිරීම සඳහා වෙන්කර ඇති බවත් කැලෑ ඉඩම්වල ප්‍රදේශයේ ජනතාව අනාදිමත් කාලයක සිට හේන් ගොවිතැන් කටයුතු කරන බවත් පැවසේ. මෙම ඉඩමේ ගස් කපා ඉවත්කර කබානා හෝටලයක්ද ඉදිකර ඇත.

(අරුණ)

No comments:

Powered by Blogger.