Header Ads

Breaking News
recent

විශාලතම මත්කුඩු ජාවාරම්කරු පොලිස් ලොක්කෙක් විසින් මුදාහැරලා !

මෙරට විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැටලීමේ මෙහෙයුමේදී ඉහළම පොලිස් ප‍්‍රධානියකු විසින් එම කොකේන් තොගය මෙරටට ආනයනය කළ මහා පරිමාණ ජාවාරම්කරු බවට පොලිසිය හෙළිකරගත් මොහොමඞ් සජඞ් සම්සුදීන් නමැත්තා ඉහළ පොලිස් ප‍්‍රධානියකු විසින් චෝදනාවලින් නිදහස් කර මුදාහැරීමේ සිද්ධිය පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියෝග කර තිබේ.
ආරක්‍ෂක ලේකම්වරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට මේ බව දැනුම් දී ඇත. ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝගය අනුව ඊයේ දහවල් වන විට අදාළ වාර්තාව සැකසෙමින් තිබුණද චූදිත ගලවා ගැනීම සඳහා ඇල්මැරුණු වාර්තාවක් ආරක්‍ෂක ලේකම්වරයා වෙත ඉදිරිපත් කිරීමේ සැලසුමක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ කි‍්‍රයාත්මක වෙමින් තිබූ බව පොලිස් මූලස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මොහොමඞ් සම්සුදීන් නමැති පොලිසිය හඳුනාගත් කොකේන් ජාවාරම්කරු තමාගේ සමීප ඥාතියකු වීම නිසා පොලිස් ප‍්‍රධානියා අදාළ විමර්ශනයෙන් ඔහු මුදාහැරිය බවද පොලිස් නිලධාරීහු පවසති. එල්ලවී තිබෙන චෝදනාවෙන් ගැලවීම සඳහා මෙම ඉහළම පොලිස් ප‍්‍රධානියා මොහොමඞ් සජඞ් සම්සුදීන් නමැත්තා පොලිස් ඔත්තුකරුවකු ලෙස පරිවර්තනය කිරීමට දැඩි උත්සාහයක් දරමින් සිටින බවද ඔවුහු පෙන්වා දෙති.

එම තත්ත්වය තුළ වාර්තාවක් ඉල්ලීමෙන් නොනැවතී වාර්තාව සමග අදාළ කොකේන් වැටලීමේ සම්පූර්ණ විමර්ශන ලිපිගොනුව ගෙන්වා ගැනීමට ආරක්‍ෂක ලේකම්වරයා කටයුතු කළහොත් සියලූ තොරතුරු හෙළිවනු ඇතැයිද එම නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.

– divaina


No comments:

Powered by Blogger.