Header Ads

Breaking News
recent

පෙට‍්‍රල් 40කින්, ඩීසල් 50කින්, භූමිතෙල් 80කින් මිල වැඩි කිරීම ස්ථිරයි - වජිර අබේවර්ධන

ත්මන් පාලනය විසින් ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට අසමත් වී ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ඉදිරි මාස කිහිපය තුළ මහජනතාව විශාල අසීරුතාවයන්ට ඉදිරි මාස කිහිපය තුළ මුහුණ දීමට නියමිතව ඇති බවද ඔහු සඳහන් කළේය.
නියත වශයෙන්ම එළඹෙන මැයි මාසයට පෙර පෙට්‍රල් රුපියල් 40කින්, ඩීසල් රුපියල් 50කින්, භූමිතෙල් රුපියල් 80කින් පමණ ලීටරයක මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

දැනටමත් අත්තිකාල දීමනා අත්හිටුවීමට සහ කපාහැරීමට උපදෙස් ලබාදී ඇතැයි ද තමන්ට තොරතුරු ඇති බව හිටපු ඇමතිවරයා සඳහන් කළේය.

සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.