Header Ads

Breaking News
recent

පරාද අතකින් කපෝති ගසා පෙන්වයි.. ඔහු රනිල් නම් විය.. හදවතත් නෑ.. හංසයාත් නෑ.. සජිත් පිලට ඉතිරි අලියා ලකුණ විතරමයි - මහ ලේකම් අකිල විරාජ්

දිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජනබලවේගය හංසයා ලකුණින් තරග කිරීමට නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව විසින් දැනුම්දුන් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

ඊයේ පස්වරුවේ එම බලවේගයේ නියෝජිතයන් මැතිවරණ කොමිසම සමග පැවති සාකච්ඡාවේදී ඔහු ඒ බව සඳහන් කළේ යැයි මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
කෙසේ නමුත් එම හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු හංසයා ලකුණ ලබාගැනීම සම්බන්ධයෙන් තීරණයකට එළඹීමේ හැකියාව ඇතැයි මැතිවරණ කොමිසම පැවසූ බවයි.

ජාතික ජනබලවේගය මුලින් තෝරාගත් හදවත ලකුණද නීතිමය ගැටළුවක් හේතුවෙන් අහිමි වී ගිය අතර දැනට ඇති වී තිබෙන තත්වය මත ඔවුනට මැතිවරණය කැඳවීමෙන් පසු අලියා ලකුණින්ම තරග කිරීමට සිදුවන තත්ත්වයක් උදාවී ඇත.

හංසයා ලකුණ නොලැබීමේ අවදානම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශවය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ආරංචි මාර්ග වාර්තා කරයි.

හංසයා ලකුණ හිමි අපේ ජාතික පෙරමුණ සඳහන් කර ඇත්තේ ඉදිරි මැතිවරණය සඳහා පමණක් හංසයා ලකුණ දීමට හැකියාව ඇති නමුත් වසර පහක කාලයකට එය ලබාදීමට හැකියාව නැති බවයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පෙරමුණ අලියා ලකුණින් බොහෝ දුරට ඉදිරි මැතිවරණය සඳහා තරග කිරීමට සිදුවනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එසේ වන්නේ නම් අලියා ලකුණ යටතේ මහ ලේකම් ධුරය අකිල විරාජ් කාරියවසම් මහතා දරනු ඇති අතර එවිට සජිත් පිල ජනාධිපතිවරණයෙන් පසු මහා කෝලාහලයක් කර නැවතත් පැමිණ ඇත්තේ එදා සිටි තැනටමය.


No comments:

Powered by Blogger.