Header Ads

Breaking News
recent

sb dissanayake

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ප්‍රථම මේ රටේ ඉඩම් හිමිකම් ඔප්පු නොමැති 3500 කට අග්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඉඩම් ඔප්පු ලබා දිමේ වැඩසටහනක් දියත් කර ඇති බව ඉඩම් සහ  ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසිය.
එස්.බි.දිසානායක මහතා ඒ බැවි කියා සිටියේ අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉඩම් ගැටළු සහ හිමිකම් ඔප්පු නොමැති අය වෙනුවෙන් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් ශ්‍රවණාගාර ශාලාවේ පැවති ජංගම සේවයට සහභාගි වෙමිණි අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි .

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු එස්.බි.දිසානායක මහතා කියා සිටියේ මේ වන විට ඉඩම් මැනිම් කටයුතු කර නිරවුල් කර ඇති අය වෙනුවෙන් ඔප්පු ලබා දිමේ උත්වසය මේ මස 19 දින අරලියගහ මන්දිරයේදි සිදු කරන බවයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේද ඉඩම් ගැටළු සම්බන්ධයෙන් පවත්වන ජංගම සේවයෙන් පසු හිමිකම් ඔප්පු නොමැති 3000 කට ආසන්න පිරිසකට හිමිකම් ඔප්පු ලබා දිමටද කටයුතු කරන බවයි .

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Powered by Blogger.