කොරෝනා රෝගීන් සංඛ්‍යාව 115ක් දක්වා ඉහලට - තවත් ගම්මාන දෙකක් මුද්‍රා තබයි
නව කොරෝනා වෛරසය වැළදුණු මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 115ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. වෛරසය වැළදුණු මෙම පිරිසගෙන් පුද්ගලයින් 09 දෙනෙක් මේවන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර තවත් එක් පුද්ගලයෙක් ඊයේ දිනයේදී ජිවිතක්ෂයට පත්වූවා.
මේ අතර මහනුවර අකුරණ ප්‍රදේශයේ ගම්මානයක් සහ පුත්තලම කඩයම්කුලම ප්‍රදේශයේ ගම්මාන දෙකක ජනතාව සම්පූර්ණයෙන් නිරෝධායනය සඳහා පියවර ගෙන තිබෙනවා. නව කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු එම ප්‍රදේශවලින් හමුවීමත් සමඟ මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
එසේම විදෙස්ගතව සිට පැමිණ නිරෝධායන කටයුතු සඳහා ලියාපදිංචි නොවූ පුද්ගලයන් එම ප්‍රදේශවල රැදී සිටි බවට අනාවරණය වී අැති අතර ඒ අනුව අදාළ ප්‍රදේශවලට ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා.
තවද බණ්ඩාරගම අටලුගම ප්‍රදේශය ද සම්පූර්ණයෙන් වසා දැමීමට පසුගියදා ආරක්ෂක අංශ පියවර ගනු ලැබුවා.

No comments: