Header Ads

Breaking News
recent

අපි අධීශීතකරණ ට්‍රක් රථයක් ගෙන්වා ගත්තා මෘතදේහ ගබඩා කරන්න – ඇමරිකානු වෛද්‍යවරියක් කියයි

ද වනවිට ඇමරිකාව තුල ඉතා සීග්‍රයෙන් COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරෙමින් පවතී. මේ වනවිට ඇමරිකාව තුල අසාදිතයන් සංඛ්‍යාව 104,256 ලෙස සටහන් වන අතර නිව් යෝර්ක් නගරය මෙහි දැඩි බලපෑමට ලක්ව ඇත.
පවතින තත්වය පිළිබදව නිව්යෝර්ක් නුවර පිහිටි Elmhurst Hospital හි වෛද්‍ය Colleen smith විසින් විඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

එහිදී ඇය සදහන් කරනුයේ එම රෝහල නව කොරෝනා අසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති බවත් රෝහල තුල පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා රෝගීන් මිය යමින් පවතින බවයි.

එහිදී ඇය පෙන්වා දෙනු ලැබූයේ රෝගීන්ට ප්‍රථිකාර කිරීම සදහා අවශ්‍ය වන ස්වසන උපකාරක උපකාරනද (medical ventilators) රෝහල තුල ප්‍රමාණවත් ලෙස නොමැති බවයි.

තවද එහිදී සදහන් ඇය සදහන් කරනුයේ ඇමරිකානු ජනාධිපතිවරයා හා නිළධාරීන් සදහන් කරන ආකාරයට සියලු දේ හොදින් සිදු නොවන බවයි.

තවද ඇය සදහන් කර සිටින්නේ මිය යන පුද්ගලයින් ගේ මෘත ශරීරයන් තබා ගැනීම සදහා අධිශීතකරන පහසුකම ඇති විශාල ට්‍රක් රථයක් රෝහලට ගෙනා බවයි.

එම විඩියෝව පහතින්.


No comments:

Powered by Blogger.