Header Ads

Breaking News
recent

හමුදා නොවන ආසාදිතයන් රෝහල්වල සිටින්නේ 108ක් පමණයි

කොරා්නා වෛරසය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින හමුදාවේ නොවන සිවිල් පුරවැසියන් සංඛ්‍යාව 108 දෙනකු පමණක් යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. වෛරසය ආසාදනය වූ හමුදා සෙබළුන් 413 දෙනකු සිටින බවත් ඔවුන් සියළුදෙනා නාවික හමුදා අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබන බවත් ඔහු සඳහන් කළේය.
අද දිනයේ රට නැවත ආරම්භ ජන ජීවිතය යළි ආරම්භ කිරීමට ගෙන ඇති පියවර යටතේ සියලු දෙනා පෙරට වඩා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කිරීම අතිශයින්ම වැදගත් බව ද ඔහු පැවසීය.

ජන ජීවිතයේ යථාවත් කිරීමට කටයුතු කරමින් සිටියදී වෛරසය නැවත පැතිරී යාමට ඉඩ ඇති බවද පැවසූ ඔහු සම්පූර්ණයෙන්ම කොරෝනා අවධානය පහව ගොස් නැති බවත් කීය.

සැලකිල්ලෙන් හා සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින් කටයුතු කරන්නේ නම් ඉදිරි සති දෙක තුන ඇතුළත සාමාන්‍ය ජනජීවිතය වඩා හොඳ අතට පත් කිරීමට හැකිවුණු ඇති බවද ජාසිංහ මහතා තව දුරටත් කියා සිටියේය.


No comments:

Powered by Blogger.