Header Ads

Breaking News
recent

'සිනමාවේ පෙම්වතා' ලෙස ප්‍රේක්ෂකාදරයටපත් තිස්ස විජේසුරේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි

සිංහල සිනමාවේ ප්‍රතිභා පුර්ණ රංගන ශිල්පියෙක් වන තිස්ස විජේසුරේන්ද්‍ර මහතා ඊයේ (11) අභාවප්‍රාප්තවි තිබෙනවා.  මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති අතර මියයන විට ඔහු 71 වන වියේ පසුවුනා.
1949 වසරේදී උපත ලැබූ ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අද්‍යාපනය ලබා උසස් පෙළ විභාගයද ඉහළින් සමත්ව තිබුණේ වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට සුදුසුකම් ලබා ගනිමින්. කෙසේ නමුත් එය අතහැර නළුවෙකු බවට පත්වූ ඔහු කිංස්ලි රාජපක්ෂ විසින් අධ්‍යක්ෂණය කරන ලද කලන මිතුරෝ චිත්‍රපටය සහ රංජිත් ලාල් විසින් අධ්‍යක්ෂණය කරන ලද නිම් වලල්ල චිත්‍රපටය හරහා සිනමාවට පිවිසුනා.

ඒ මහතා 1970 දශකයේදී  'සිනමාවේ පෙම්වතා' ලෙස ප්‍රේක්ෂකාදරයට පත්ව සිටි ඔහු  මාලිනී ෆොන්සේකා සමග රඟපෑ සුහද පැතුම  චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබු චිත්‍රපටයක් ලෙස මෙරට සිනමා ඉතිහාසයට එක්වනවා.

නිම් වළල්ල, පුජිතයෝ, කලණ මිතුරෝ, සුහඳ පැතුම, දඩබිම වැනි සිනමා චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදුන් ඔහු  සිය ජීවන ගමනට සමුදුන්නේ මෙරට ප්‍රේක්ෂකයින් වෙනුවෙන් අමරණීය මතකයන් රැසක් දායාද කරමින්.


No comments:

Powered by Blogger.