Header Ads

Breaking News
recent

යුරෝපා සංගමය දුන් කෝටි 450ක මුදල වහාම ජනතාව වෙනුවෙන් යෙදවිය යුතුයි - සජිත් ප්‍රේමදාස

කොවිඩ් -19 අර්බුදය මැද අප රට ගොඩනැංවීමට යුරෝපා සංගමයේ පූර්ණ සහාය ලබාදෙන ලෙස එම සංගමයෙන් ඉල්ලා සිටින බවත් යුරෝපා සංගමය ලබාදුන් රුපියල් කෝටි 450 ජනතාවගේ සුබසිද්ධියට යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පැවැසීය.
යුරෝපා සංගමයේ  තානාපති ඩෙනිස් චෙයිබි මහතා සහ හිටපු විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (14දා) පැවැති විශේෂ සාකච්ඡාවේදී ප්‍රේමදාස මහතා මේ බව පළ කර තිබේ..

රාජ්‍යතාන්ත්‍රිකව සුවිශේෂී කරුණු රාශියක් පිළිබඳව එහිදී දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය.

යුරෝපා සංගමය හරහා ශ්‍රී  ලංකාවේ ආර්ථිකය හා ජන ජීවිත ශක්තිමත් කිරීම උදෙසා සමගි ජන බලවේගය වේගවත්, ක්‍රමවත් සහ සක්‍රිය මැදිහත්වීමක් සිදු කරන බව සජිත් ප්‍රේමදාස මහතා කීය.

“මේ වනවිටත් ශ්‍රී  ලංකාවට යුරෝ මිලියන 22ක් හෙවත් රුපියල් කෝටි හාරසිය පනහක ආධාර යුරෝපා හවුලෙන් අපට ලැබී තිබෙන බව යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චෙයිබි මහතා ප්‍රකාශ කළා. සෞඛ්‍ය උපකරණ ස¼දහා රුපියල් කෝටි 41ක්, සංචාරක කටයුතු දියුණු කිරීමට රුපියල් කෝටි 71කුත්, කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් කෝටි 337කුත් ආධාර ලෙස ලබා දුන් බව එතුමා ප්‍රකාශ කළා.

තවදුරටත් මම එතුමාගෙන් ඉල්ලීමක් කළා අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ මූල්‍ය ද්‍රවශීලීත්වය වැඩිදියුණු කරගැනීමට මූල්‍ය ආධාර ලබා දෙන ලෙස. ඒ එක්කම මම එතුමගෙන් ඉල්ලීමක් කළා මේ රටේ කර්මාන්තශාලාවල සේවකයන්ගේ වැටුප් ප්‍රශ්න විසඳා ගැනීමට මේ මොහොතේ මූල්‍යමය ශක්තියක් යුරෝපා සංගමයේ රටවලින් ලබා ගැනීමට සහාය වන ලෙස. විශේෂයෙන්ම අපේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රැකගතයුතු බවත්, ඔවුන්ට දිරිදියයුතු බවත් මා කියා සිටියා. ඒ එක්කම මම අපේ රජයට කියනවා යුරෝපා සංගමය විසින් ලබාදුන් රුපියල් කෝටි හාරසිය පනහ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා වහාම යොදවන්න කියා.

මේ වෙනකොට සංචාරක ක්ෂේත්‍රය කඩා වැටිලා. කෘෂිකාර්මික ක්ෂේත්‍රය කඩා වැටිලා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපකරණ හිඟයක් තියෙනවා. අපි සමගි ජන බලවේගය හැටියට රෝහල්වලට උපකරණ ලබාදීමේ පුංචි වැඩපිළිවෙළක් කරනවා.

මේ සියල්ල අපි කරන්නේ කුහකකමකින් තොරව, රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්නයි“ යැයිද කීවේය.


No comments:

Powered by Blogger.