මේජර් ජනරාල්වරයෙකු සෞඛ්‍ය ලේකම් කලේ මැතිවරණයට සුදුසු යයි සෞඛ්‍ය නිර්දේශ ලබාගෙන මැතිවරණය පවත්වන්නයි - ලක්ෂ්මන් කිරිඇල්ල
විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්කළේ ආණ්ඩුවට අවශ්‍ය පරිදි සෞඛ්‍ය වාර්තා ලබාගෙන මැතිවරණයකට සුදුසු වාතාවරණයක් සැකසීමේ අරමුණින් බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ති‍්‍රවරයා,
රජය විසින් අමාත්‍යාංශ ලේකම්වරු ගණනාවක් පත්කළත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු පත්කිරිම පිළිබඳව වැඩි අවධානයක් යොමුවෙලා තිබෙනවා. මෙලෙස හමුදා නිලදාරියෙක් පත්කළේ රජයට අවශ්‍ය පරිදි සෞඛ්‍ය වාර්තා ලබාගැනීමට බව ඉතාම පැහැදිලියි. එයට හේතුවනම් මැතිවරණ කොමසාරිස්තුමා හා පක්ෂ නිලධාරින් කිහිපවතාවක් හමු වුණා. ඒ සෑම අවස්ථාවකම අවසන් තීරණය වුයේ සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් අනුව ඉදිරි කටයුතු සිදුකළ යුතු බව. සෞඛ්‍ය බලධාරින්ගේ මතය වූයේ කොවිඞ් වසංගතය යම්කිසි මට්ටමකට පාලනය කර තිබුනත් එහි අවධානයම තවම පහව ගොස් නැති බවයි. තවම මැතිවරණයකට සුදුසු වාතාවරණයක් නැහැ මන්ද සමාජ දුරස්ථභාවය නැතිවුවහොත් මෙය පැතිරීම ඉක්මන් වෙනවා.
ඉදිරි කාලයේදි මැතිවරණ කොමසාරිස්වරයා හා නිලදාරින් හමුවු විට ආණ්ඩුවට අවශ්‍ය පරිදි සෞඛ්‍ය වාර්තා මේ ලේකම්වරයා හරහා ලබාදීමට හැකිවෙනවා. ඔහු වාර්තාවක් ලබාදේවි කොවිඞ් වසංගතය පහව ගොස් ඇති බැවින් දැන් මැතිවරණකට සුදුසු කාලයක් පවතින බවට. නාම යෝජනා භාරදී ඇති අවස්ථාවක මෙලෙස ලේකම්වරු පත්කිරීම මැතිවරණ නීති හා සාර්ධර්ම වලටත් පටහැනියි.
ඒ වගේම ආණ්ඩුවේ රු.5000 ලබාදීමේ වැඩපිළිවෙලටත් රජයේ ප්‍රධාන පක්ෂයක උසස් නිලධාරියෙක් පත්කර තිබෙනවා. මෙම කරුණු පිළිබදව මැතිවරණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී අවශ්‍ය පියවර ගතයුතු යැයි මා විස්වාස කරනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවලා තිබෙනවා ඉක්මනය මේ බාධක ඉවත් කළහොත් වංසගතයේ දෙවැනි රැල්ලක් ඇතිවිය හැකි බවට. මේ වනවිට පුවත්පත් වල පවා තිබෙනවා අපි දුටුවා චීනයේ වූහාන් නගරයේ නැවත මේ වසංගතයේ දෙවැනි රැල්ලක් ඇතිවෙලා තිබෙනවා කියා. ඉතින් අපිත් අනවශ්‍ය පරිදි ඉක්මන් වුණොත් අපේ රටෙත් මෙවැනිම තත්වයක් ඇතිවෙන්න පුඑවන්.
– midea unit

No comments: