Header Ads

Breaking News
recent

ඉතාලියේ අනවසරයෙන් සිටින විදේශිකයන්ට නීත්‍යනුකූල බලපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව !

ඉතාලිය තුළ අනවසරයෙන් රැඳී සිටින වි‍දෙස් ජාතිකයන්ට නීත්‍යනුකූළ බලපත්‍ර ලබාදීම සඳහා එරට රජය වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් වෙනවා. ‍එරට පාර්ලිමේන්තුව තුළ දින කිහිපයක් පුරා පැවති වාද විවාදවලින් අනතුරුව ඒ සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ලැබී තිබෙනවා.

ඉතාලිය විටින් විට එරට තුළ අනවසරයෙන් රැඳී සිටින සංක්‍රමණිකයන්ට මෙවැනි අවස්ථා ලබා දෙන අතර මෙවර ඒ සඳහා අවස්ථාව ලැබී ඇත්තේ වසර අටකට පසුව බවයි වාර්තා වන්නේ.

ලබන ඉරිදා ‍වනවිට මෙම වැඩපිළිවෙලට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත වේ.

කෙසේ වෙතත් මේ සඳහා හිමිකම් ලබන්නේ ගෘහ සේවකයන්, වැඩිහිටි පුද්ගලයන් බලා ගන්නා සේවකයන්, කෘෂිකාර්මික අංශයේ සේවකයන් ලෙස සේවය කරන අනවසර සංක්‍රමණිකයන්ට පමණක් බවයි වාර්තා වන්නේ.

ජුනි පළමුවැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර මෙම හිමිකම ලබා ගන්නා සියලු දෙනා යූරෝ 400 ක දඩ මුදලකට යටත් කිරීමට ද ඉතාලි රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ද ඉතාලිය තුළ අනවසරයෙන් රැකියාවල නිරත වන අතර ඔවුන්ට ද නීත්‍යනුකූලභාවය ලබා ගැනීම සඳහා මෙය මහඟු අවස්ථාවකි.

No comments:

Powered by Blogger.