ගෝටාභයගේ කියා බොල්ගොඩ වැව ඉස්මත්තේ මහ හෝටලයක්…
බොල්ගොඩ ජලාශය පිරී පවතින්නේ ‘‘ඈ’’ විසින් හෙලූ කඳුළෙන් යැයි අනුමාන කළද එහි වරදක් නැත. කලක පටන් බරපතළ අතුරු අන්තරාවන්ට මුහුණ දෙන බොල්ගොඩ ජලාශය දිනෙන් දින කෙසඟව, යෑම ආරම්භ වන්නේ එම අතුරු අන්තරාවන්වල පවතින සහසික බව හේතුවෙන්ය.
බොල්ගොඩ සුන්දරත්වය තුට්ටුවකට මායිම් නොකරන ඇතැම් පිරිස් විසින් දිගින් දිගටම සිදු කරගෙන යනු ලබන මෙම අපරාදයේ කොටස්කරුවන්ගේ නාම ලේඛනයට මෙරට ඉහළම සමාජ පන්තිය නියෝජනය කරන බල පුළුවන් කාරයන්, දේශපාලන අදිසි හස්තයන් විසින් මෙහෙයවනු ලබන තවත් කණ්ඩායම් සහ රාජ්‍ය සේවයේ ඇතැම් නිලධාරීන්ගේද නම් ගම් ඇතුළත්ය.
කිසිදු හිරිකිතයකින් තොරව තම පෞද්ගලික සුඛ විහරණය පිණිස ඔවුන් විසින් කෙලෙසන ලද බොල්ගොඩ කන්‍යාවිය කලක පටන් සිය කෙසඟ වරලස මුදා හැර ඔහේ පහළට ගලා යනු ලබන්නේ දෑලේ දෙදැලේ සිදු වන දහසකුත් එකක් අකටයුතුකම් පිළිබඳව නොදුටු දෑසින් යුතුවය. නිල බලය ධන බලය හමුවේ සිදු වන එම පරිසර විනාශය පිළිබඳ මෙතෙක් දිනක් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු නොවූ අතර එහි ප්‍රතිඵලය බවට පත් වන්නේ රට සතුව පැවැති අනගි සම්පතක් බලපුළුවන්කාර පිරිසක් විසින් කට්ටි කර කුට්ටි වලට බෙදා ගැනීමේ මහා පරිමාණ ජාවාරමක් මේ දක්වා ක්‍රියාත්මක වීමය.
එහි ආසන්නතම සිදු වීමක් ඉකුත් දිනක වාර්තා වූ අතර එම අපරාදයේ සාපරාධී හිමිකරු බවට පත් වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන අධිකාරිලත් නිලධාරියෙක්ය. කලක පටන් නීති විරෝධී අයුරින් බොල්ගොඩ ජලාශය ආශ්රිත ඉදි කිරීම් සිදු කිරීමත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමඟ ඒ මහතාගේ නම ඒ සඳහා ඈඳා ගැනීමත් හේතුවෙන් ඉකුත් දිනෙක එම හමුදා නිලධාරියා නීතියේ රැහැනට කොටු වූ අතර වාර්තා වන ආකාරයට එම සිදුවීම පෙළ ගැසෙන්නේ පහත සඳහන් ආකාරයටය.
පානදුර ගොරකාන ගෝල්ඩන් වේව්ස් නිවාස සංකීර්ණයට ආසන්නව ඉදිකරන ලද හෝටලය නම් කරනු ලබන්නේ ”රාගී” නමින්ය. ඉන් පෙර බොල්ගොඩ ලේක් නමින් හඳුන්වනු ලැබූ එම හෝටලය පසු කලෙක රවීන්ද්‍ර මීගමආරච්චි යනුවෙන් හඳුන්වනු ලබන පුද්ගලයකු විසින් මිල දී ගන්නා අතර එම හෝටලය ”රාගී” නමින් නම් කරනු ලබන්නේ ඔහුගේ හිමිකාරිත්වයට පත්වීමෙන් අනතුරුවය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් ඉහත සඳහන් මිලදී ගැනීම් සිදු කරනු ලබන රවින්ද්‍ර මීගමරච්චි තම නිල බලය අයථා ලෙස යොදා ගනිමින් බොල්ගොඩ ලේක් නමින් හැඳින්වූ හෝටලය කඩිනම් ප්‍රතිසංස්කරණයන්ට ලක් කරන අතර එහි අනිටු ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවන්නේ අවට ප්‍රදේශවාසීන් හටය.
අදාළ හෝටලයේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට මුවා වෙමින් කළු ගල් හා පස් යොදා ගනිමින් බොල්ගොඩ ජලාශයේ කොටසක් ගොඩ කිරීමත් අවට පදිංචි කරුවන්ගේ නිදහසට බාධා වන අයුරින් අනිකුත් ඉදි කිරීම් සිදු කිරීම රවීන්ද්‍ර මීගමආරච්චි විසින් දිගින් දිගටම සිදු කරගෙන ගොස් තිබෙන කටයුත්තක්ය.
එහි බරපතළකම කෙසේ ද යත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වීමටත් පෙර සිටම ඒ මහතාගේ නම භාවිත කරමින් අදාළ ඉදිකිරීම් සිදු කිරීමට රවීන්ද්‍ර මීගමආරච්චි විසින් කටයුතු කරන අතර ඔහු විසින් දරනු ලබන නිල තනතුරද ඒ සඳහා ඔහු විසින් අව භාවිතා කරනු ලබන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. කලක් තිස්සේ ශ්‍රී ලංකා යුද හමුදාව තුළ තරමක ජනප්‍රියත්වයක් උසුලන මෙම හමුදා නිලධාරියා එම ජනප්‍රියත්වය දඩමීමා කර ගනිමින් බොල්ගොඩ විනාශය සිදු කරන අතර ප්‍රදේශවාසීන්ට සිදු වන්නේ එම අකටයුත්ත පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කිරීම පමණය.
වතාරක් දෙවරක් නොව අවස්ථා ගණනාවක් මෙම අකටයුත්තට එරෙහි වන ප්‍රදේශවාසීන් සිදු වෙමින් පවතින පරිසර විනාශය පිළිබඳව අදාළ ආයතන දැනුවත් කරන අතර එය බීරි අලින්ට වීණා වාදනය කිරීමට පමණක් සීමා වී ඇත. පානදුර දකුණ පොලිස් ස්ථානය, මධ්‍යම පරිසර අධිකාරිය, ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදුර කෙසෙල්වත්ත ප්‍රාදේශීය සභාව පමණක් නොව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේද මෙම අවනඩුව පවසන ප්‍රදේශවාසීන්ට සිදු වන්නේ මුදල හා නිල බලය හමුවේ තම අවනඩුව යටපත්ව යන ආකාරය බලා සිටීම පමණය.
කෙසේ වෙතත් යහපාලන රජයේ අවසන් කාල සීමාව තුළ මෙම අනවසර ඉදි කිරීම නතර කිරීම හරහා සිදු කරනු ලැබූ පරිසර හානියට තාවකාලිකව නැවතීමේ තිත තබන අතර එය නැවතත් පණගන්වනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් නව රජය බලයට පත්වීමත් සමඟය. දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ නාමය ලංසුවට තබමින් අදාළ හමුදා නිලධාරියා විසින් සිදු කරගෙන යනු ලබන අනවසර ගොඩකිරීම් සහ ඉදිකිරීම් පිළිබඳ නැවතත් හඬ අවදි කරන ප්‍රදේශවාසීන් එවර තම අවනඩුව පැවසීම පිණිස තෝරා ගනු ලබන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවය. ඒ අනුව ප්‍රදේශවාසීන්ගේ අත්සන් සහිත ලිඛිත සංදේශයක් ජනාධිපති වරයා වෙත ඉදිරිපත් කරන ඔවුන් ඒ හරහා තම අවනඩුව ජනාධිපතිවරයාට පවසා සිටින්නේ තමන්ට ඒ හරහා සාධාරණයක් ඉටු වෙනු ඇතැයි යන දැඩි විශ්වාසයෙන් යුක්තවය.
මෙතෙක් කල් කිසිම ආයතනයක හෝ බලධාරියෙකුගේ අවධානයට ලක් නොවන මෙම අනවසර ඉදි කිරීම පිළිබඳවත් එහි හිමිකාරිත්වය සම්බන්ධයෙන් දිගින් දිගටම ජනාධිපති වරයාගේ නම අව භාවිත කිරීම සම්බන්ධවත් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ ඉන් අනතුරුව ය. ඒ අනුව ඉකුත් දිනක ඒ එම ස්ථානයට යන රජයේ නිලධාරීන් පිරිසක් ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. එහිදී ඊට බාධා කරමින් අදාළ හමුදා නිලධාරියා විසින් ව්‍යාජ රංගනයක නිරතව ඇත්තේ ඔහු හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සමීප හිතවත්කමක් ඇති බව පවසමින් විමර්ශන නිලධාරීන් ආපසු හරවා යැවීමේ අටියෙන්ය.
එය එකවර පිළිගැනීමට අකැමැත්ත පළ කරන විමර්ශන නිලධාරීන් ඒ සම්බන්ධව ව්‍යාජ රංගනයක නිරත හමුදා නිලධාරියාගෙන් දිගින් දිගටම සිදු කරනු ලබන ප්‍රශ්න කිරීම් හමුවේ සියල්ල හෙළිදරව් වීම ආරම්භ වන්නේය. ඒ අනුව එතෙක් දිනක් වරින් වර ජනාධිපතිවරයාගේ නම භාවිත කරමින්ද තවත් වරෙක තමන්ගේ නිල තනතුර අවභාවිත කරමින්ද අදාළ හමුදා නිලධාරියා විසින් සිදු කරගෙන යනු ලැබූ කූට ජාවාරම කරළියට පැමිණෙන අතර මේ වන විට එම හමුදා නිලධාරියා නීතියේ රැහැනට කොටු වී අවසන්ය.
එම සිදුවීම වාර්තා වීමත් සමග අදාළ හමුදා නිලධාරියා පිළිබඳව වෙනත් අංශයන්ගෙන් පරීක්ෂණ ආරම්භ කරන පරීක්ෂණ කණ්ඩායම් අදාළ හමුදා නිලධාරියා සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට සමත් වන අතර වරක් ඔහු විසින් චීනයෙන් ආනයනය කරන ලද යන්ත්‍රයක් රේගුවෙන් මුදා ගැනීමට යෑමේදී ඒ සඳහාද වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඈඳා ගැනීමට පවා කටයුතු කර ඇත.
ඊට අමතරව තමන් යුද හමුදා කර්නල්වරයෙකු බවටද ඔහු විසින් වරක් වීඩියෝ දර්ශනද සහිතව මවා පෑමක් සිදු කොට ඇත. ඔහුට අයත් හෝටලය අවට පදිංචි ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධව අදහස් දක්වමින් පවසා සිටින්නේ ඒ හරහා ද ඔහු විසින් උත්සාහ දරන ලද්දේ තමන් යුද හමුදාවේ ඉහළ නිලයක් දරන්නෙකු බව ප්‍රදේශවාසීන් හමුවේ ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගත් බවය. මේ වන විට එම සිදුවීම් සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය විසින් වෙනම පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.
කෙසේ වෙතත් තම නිලය බලය පමණක් නොව රටේ ප්‍රධාන පුරවැසියගේ කීර්ති නාමයට පවා කැළැල් සිදු කරන මෙවැනි පුද්ගලයන් එදත් අදත් වාර්තා වූ අතර හෙට ද එවැනි දේ නොවනු ඇතැයි සහතික වීම ට කිසිවකුටත් පුළුවන් කමක් නැත. කළ යුතුව පවතින්නේ නීතියේ රැහැනට කොටුකර ගන්නා මෙවැනි වංචනිකයන් හට උපරිමය දඬුවම් පැමිණවීම තුළින් සමාජයට ආදර්ශය ලබා දීමත් ඒ හරහා මෙවැනි දේ නතර කිරීම පිණිස අවශ්‍ය සමාජ මතයක් සමාජය තුළින්ම මතු පිටට රැගෙන ඒමත්ය.
– divaina

No comments: