පොලිස් නිලධාරියා මිය ගොස් ඇත්තේ රත්වත්තේ පුත‍්‍රයා පැදවූ ඩිෆෙන්ඩරයේ හැපීමෙන්.. ඔහු සිට ඇත්තේ බීමතින්
කොළඹ ජාතික රෝහලේදී ලක්‍ෂ 79 මුදලක් කොල්ලකෑ වෛද්‍යවරයා හඹා ගොස් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා රිය අනතුරකට පත්ව ඇත්තේ දේශපාලන ජාති පුත්‍රයෙකු විසින් බදවන ලද රථයක ගැටිමෙන් බව හෙළි වී ඇත.
අදාළ පොලිස් නිලධාරියා සහ තවත් පොලිස් නිලධාරියෙකු ගමන් ගත් යතුරු පැදිය ඉකුත් 11 වන දා කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයක ගැටීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු අද දිනයේ මරණයට පත්විය.
අදාල ඩිපෙන්ඩර් රථය පදවා ඇත්තේ මේ නීති සිසුවෙකු වන අශාන් තරින්ද කටුගහ රත්වත්තයි.
මෙම පුද්ගලයා අනුරුද්ධ රත්වත්ත පවුලේ ඥාති පුත‍්‍රයෙකු වන අතර රිය පදවන අවස්ථාවේ බීමතින් යුතුව සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
රිය අනතුර සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති ඔහු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කෙසේ වෙතත් පොලීසිය සඳහන් කරන්නේ රිය අනතුරු සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා විට ඔවුන්ගේ ඥාති සබඳතා ගැන සොයා බැලීමක් සිදු නොකරන බවයි.
අදාල අනතුර සම්බන්ධයෙන් සියළුම කටයුතු නීත්‍යානුකූල සිදු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කලේය.

No comments: