Header Ads

Breaking News
recent

ඔත්තුකරුට රේගුව දුන් ලක්‍ෂ 75ක් නාකොටික් IP උස්සලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවකයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් ඔත්තුකරුවකුට රේගුවෙන් ත්‍යාගයක් ලෙස ලබාදුන් දෙකෝටි හැත්තෑපන් ලක්‍ෂයක මුදලින් රුපියල් ලක්‍ෂ 75ක් ආපසු ලබාගෙන ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සාක්‍ෂි ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන වාර්තාවක් මගින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට පෙන්වා දී තිබේ.

කලක් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති එම ඔත්තුකරු 2016 වසරේ සිට 2019 වසර දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙන්ම කටුනායක ගුවන්තොටුපළ හරහා නීති විරෝධී ලෙස රත්තරන් කිලෝ 20ක් ගෙන්වීම සම්බන්ධයෙන් ද තොරතුරු ලබාදී ඇති බවද පැවසේ.

සාර්ථක වැටලීම් සිදුකළ එකී තොරතුරු ලබාදීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා රේගුව විසින් එම ඔත්තුකරුට රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්‍ෂයක ත්‍යාග මුදලක් පිරිනමා ඇති බවත් ඉන් පසුව පැමිණි පොලිස් පරීක්‍ෂක තාරක සුබෝධ නමැත්තා රුපියල් හැත්තෑපන් ලක්‍ෂයක් ණයක් ලෙස ලබාගෙන ඇති බවට ඔහු ප‍්‍රකාශයක් ලබාදී තිබේ.

No comments:

Powered by Blogger.