තුනෙන් දෙකත් නෑ බහුතරෙත් නෑ... දැං පොහොට්ටුව බලනවා රනිල් එක්ක ජාතික ආණ්ඩු හදන්න - සොයිසා
ජනාධිපතිවරණයෙන් පසු තුනෙන් දෙකේ ආණ්ඩු බලයක් ලබාගෙන ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳව කතා කළ පොහොට්ටුව දැන් ඒ පිළිබඳව කත නොකරන බව සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක විජිත් විජයමුණි සොයිසා මහතා පවසනවා. මේ වනවිට තුනෙන් දෙක තබා පාර්ලිමේන්තුවේ බහුතරය බලය දිනා ගැනීමද පොදුජන පෙරමුණට ගැටලුවක් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
ඔවුන්ගේ අලුත්ම අභියෝගය වී තිබෙන්නේ කෙසේ හෝ සාමාන්‍ය බහුතර බලය ලබා ගැනීම බවත්, එසේ නැතහොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය සමග එකතු වී ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින බවයි විජයමුණි සොයිසා මහතා පවසන්නේ.
මේ නිසා දැන් මහ මැතිවරණයේ ගේම සපෝරු වී ඇති බවත්, අගෝස්තු 05 වැනිදා වනවිට පොහොට්ටුවේ ජාතික ආණ්ඩු සිහිනයද බොඳවන බව ඔහු පෙන්වා දෙනවා.

No comments: