Header Ads

Breaking News
recent

පොහොට්ටුවට එක්වන්නැයි එජාපයට ආරාධනා කරයි

ජාප තරුණ තරුණියන් සිරිකොතේ බලය අල්ලන කඳවුර වෙනුවට රට ගොඩනගන පොහොට්ටුවේ කඳවුර තුළ සිට ගත යුතු කාලය එළැඹ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොට්ටාව නගරයේ පැවති හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය අවුරුදු හතරහමාර තුළම රට සංවර්ධනය කිරීම වෙනුවට යහපාලන ආණ්ඩුව සිදුකළේ  දේශපාලන පළිගැනීම් පමණක් බවත්, එජාපය සහ සමඟි ජනබලවේගය මෙවර මහා මැතිවරණයෙන් තමන්ට බලය ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම පළිගැනීම්වල ඉතිරි කොටස ක්‍රියාත්මක කිරිමට බවත්, අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

පසුගිය අවුරුදු හතරහමාර තුළ පක්ෂ දෙකක් එක්වී ආණ්ඩු පිහිටුවීමෙන් රටටම විපාක විඳින්නට සිදු වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ‍ “රට හදන සෞභාග්‍යයේ දැක්ම ” වැඩපිළිවෙළ කාර්යක්ෂමව දියත් කිරීමට නම් පොහොට්ටුව අනිවාර්යයෙන්ම බලයට පත්විය යුතු බව ද  ප්‍රකාශ කළේය.

බලය ලබාගත් සෑම අවස්ථාවකදීම අභියෝග ජයගත් එකම කණ්ඩායම සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළයි. 2004 වසරේ සුනාමි ව්‍යසනය සිදුවී කෙටි කාලයක් තුළ රට සංවර්ධනය කළාසේම, 2009 වසරේ කුරිරු ත්‍රස්තවාදය පරාජය කර තිස් වසරක් පැවති යුද්ධය ජයගත්තාසේම මෙවර ලෝකය පුරා පැතිරී ගිය කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකි වූයේත් කෙළින් තීරණ  ගත හැකි ශක්තිමත් ආණ්ඩුවක් රට පාලනය කළ නිසා බවද එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය  කළේය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

– සිසිර මුණසිංහ


No comments:

Powered by Blogger.