තරුණයින් පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින වසන්ත කරන්නාගොගේ නඩුව කල් යයි
2008 සහ 2009 වසර කාලසීමාව තුළ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වෙසෙන තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු විත්තිකරුවන් 14 දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 4 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කලා .
චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බවත් ඊට එරෙහිව නීතිපතිවරයා විසින් එම අධිකරණය ඉදිරියේ විරෝධතා ඉදිරිපත් කර තිබෙන බවත් දන්වා සිටියා.
ඒ අනුව මෙම නඩුව සඳහා කැඳවීම් දිනයක් ලබා දෙන ලෙසයි රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම නඩුව දෙසැම්බර් මස 4 වන දා කැඳවන ලෙස නියම කළා.
එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර මෙහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ .පී .දසනායක මහතා ඇතුළු විත්තිකරුවන් 13 අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඔවුන් මේ වන විට අධිකරණය විසින් ඇප මත මුදාහැර සිටිනවා.
No comments: