පාසැල් එන සදුදා විවෘතයි - අධ්‍යාපන ඇමති ප්‍රකාශ කරයි
ගුරුවරයෙකුට අද ලැබෙන්නේ රුපියල් 31,000/- ක අන්තිම සොච්ඡම් වැටුපක්. ඒ නිසාම ඉදිරියේදී අපේ රජය ඉදිරිපත් කරන පළමු අය වැයෙන්ම ගුරුවරුන්ට හොද ආකර්ෂණීය වැටුපක් ලබා දෙන්න තීරණය කර තිබෙනවා යැයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (24) මාතර, මිල්ලවැවදී ප්‍රකාශ කළේය.
දික්වැල්ලේ මහජන කැෆේ කඩේ කොත්තු බාස්ටත් ගුරුවරුන්ට වඩා වැඩි වැටුපක් ලැබෙන බවද ප්‍රකාශ කල ඩලස් අලහප්පෙරුම මහතා, සෑම ගුරුවරයෙකුටම උපාධියක් දක්වා යෑමට හැකි පසුබිමද සකස් කරන බව අවධාරණය කළේය.
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් මාතර, මිල්ලවැවදී පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.
‘ලබන සදුදා (27) පාසැල් පටන් ගන්නවා. දැන් ඇදිරි නීතිය නැහැ. ඇදිරි නීතිය තිබෙන කාලේ ජනතාව ගෙදර හිටපු නිසා කොරෝනා බෝවෙන්න විදිහක් තිබුණේ නැහැ. තමන්ගේ දුවල පුතාලට සෞඛ්‍යය පුරුදු අත් හරින්න ඉඩ දෙන්න එපා. දරුවන් වෙනුවෙන් වැඩිහිටියනුත් උපරිමයෙන් සෞඛ්‍යය පුරුදු පිළිපදින්න. පැසැලේදී කිසිදු අනතුරක් නොවන්න අපි දරුවන් රැක බලා ගන්නවා. ගෙදරදී බස් රථයේදී දරුවන් බලා ගැනීම දෙමාපියන්ගේ වගකීමයි.
කඩින් කඩ පාසැල් ආරම්භ කරන්න මමයි, තීරණය කළේ. ඒ සම්බන්ධයෙන් මට නොයෙක් දෙනා චෝදනා කළා. බස් සංගම් පවා විවිධ විරෝධතා දැක්වූවා. එහෙම නොකලා නම් රාජාංගණයේ මුළු පාසැලේම දරුවන් නිරෝධායනයට ලක් කරන්න වෙනවා. දැන් නිරෝධායනයට ලක්කර තිබෙන්නේ 05 ශ්‍රේණියේ දරුවන් හා ගුරුවරුන් පමණයි.
කිසිවෙක් මේ රටේ දරුවන් ගැන බියක් ඇතිකර ගතයුතු නැහැ. ආදරණීය තාත්තා කෙනෙක් රටේ ජනාධිපති වෙලා තිබෙනවා. අපේ රටේ ජනතාවගේ අප්පච්චි අගමැති වෙලා ඉන්නවා. මේ තාත්තාත් අප්පච්චීත් යටතේ ඉතිහාසයේ පළමු වතාවට අධ්‍යාපන ඇමති ධූරය මාතරට ලැබිල තිබෙනවා. මාතර බුද්ධිමතුන් විශාල වශයෙන් සිටියත් ඉතිහාසයේ කිසිදා අධ්‍යාපන ඇමතිකම මාතරට ලැබුණේ නැහැ. කට පාඩම් කර උත්තර ලියන විභාග ක්‍රමය වෙනුවට ලෝකයේ දියුණු විභාග ක්‍රමයක් ගේන්න අපි සැලසුම් කර තිබෙනවා.
ගුරුවරයෙකුට ලැබෙන්නේ රුපියල් 31,000/- ක වගේ අන්තිම සොච්ඡම් වැටුපක්. දික්වැල්ලේ මහජන කැෆේ කඩේ කොත්තු බාස්ට ඊට වඩා වැඩි වැටුපක් ලැබෙනවා. අපේ රජය ඉදිරිපත් කරන පළමු අය වැයෙන් ගුරුවරුන්ට හොද වැටුපක් දෙන්න අපි තීරණය කර තිබෙනවා. සෑම ගුරුවරයෙකුටම උපාධියක් දක්වා යන්න අවශ්‍යය පසුබිම සකස් කරන්නත් අපි පියවර ගන්නවා.
ලෝකයේ දියුණු රටවල කුඩා දරුවන් වෙනුවෙන් විභාග පවත්වන්නේ නැහැ. අපේ රටේත් 1,2,3,4 ශ්‍රේණිවල දරුවන් විභාග පීඩනයෙන් මුදවා ගත යුතුයි. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පවා වෙනස් විය යුතුයි. දරුවන්ට පීඩනයක් නොවන ආකාරයෙන් විභාග පැවැත්විය යුතු වෙනවා.
ඉතිහාසයේ පළමු වතාවට දේශපාලනඥයෙක් නොවන අයෙක් රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා තිබෙනවා. අන් සෑම නායකයෙකුටම වඩා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙනවා. දැන් පාතාලය කොනක සිට සොයා ගෙන යනවා. කුඩු උල්පත වෙලා තිබෙන්නේ මත් දව්‍ය නාශක කාර්යාංශයය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නොහිටින්න පොලීසියේ ලොක්කෝ කුඩු ජාවාරමේ යෙදෙන බව හෙලිකර ගන්න ලැබෙන්නේ නැහැ. ආයේ කිසි දිනක සහරාන්ල මේ පොලොවේ ඉඩක් නැහැ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණ වේදිකාවේ කිව්වේ නැහැ, සරල ජීවිතයක් ගත කරනවා කියල. බෝල්ට් පොයින්ට් පෑනෙන් අත්සන් කරන කතා, කෙසෙල් කොලේ බත්කන කතා එතුමා කිව්වේ නැහැ. නමුත් අද එතුමා කොතරම් සරල ජීවිතයක්ද ගත කරන්නේ කියල අපි දන්නවා. වෙවර මැතිවරණ ව්‍යාපාරය දිහා වුණත් බලන්න. පෝස්ටර්, කටවුට් කිසි තැනක දක්නට නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පෙන්නුම් කළා පරිසර හිතකාමී මැතිවරණයක් කරන්නේ කොහොමද කියල. පසුගිය මැතිවරණ වලදී පන්සලේ තාප්පයක්වත් බේරා ගන්න පුළුවන් වුණේ නැහැ. දැන් තාප්ප වල විරිත්තගෙන ඉන්න පිංතූර නැහැ.
ජනාධිපති, අගමැති හැර අද රටේ ඉන්නේ ඇමතිවරු 13 දෙනයි. එයින් එකෙක් මෙතන ඉන්නවා. ආමි එක පොලීසිය ඉන්නවා ඔබ දැක්කද? ටී-56 ක් තියා කැටපෝලයක්වත් තියන් ඉන්න කෙනෙක් ඉන්නවා දැක්කද? ඉස්සර ඇමතිවරයාගේ ඩිෆෙන්ඩර් එකට කලර් ලයිට් අදාල වුණේ නැහැ. අද ජනාධිපතිවරයා පවා රෙඩ් ලයිට් එකට වාහනය නතර කරන් ඉන්නවා.
මම, මෙතනට ආවේ මනාප ඉල්ලන්න නොවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රට ගොඩ නගන්න, එතුමාට ශක්තියක් වෙන මිනිස්සු පාර්ලිමේන්තු යවන්න කියන්නයි. ගෝඨාභය මහත්තයගේ අඩි පාරේ යන කාට ඡන්දය දුන්නත් එය මට ලබාදුන් ඡන්දයක් ලෙස මා සලකනවා යැයි ද ඩලස් අලහප්පෙරු මහතා ප්‍රකාශ කළේය.
දෙවිනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් ආරියවංශ මහතාද මෙහිදී කතා කළේය.
– ජයකාන්ත ලියනගේ

No comments: