1977න් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ ශක්තිමත්ම ආණ්ඩුව පිහිටුවනවා - පොහොට්ටුව කියයි
1977 වසරේදී එවකට එක්සත් ජාතික පක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන මහතා පිහිටවූ ආණ්ඩුවෙන් පසු මෙරට ඉතිහාසයෙහි ශක්තිමත්ම ආණ්ඩුව තමන් පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
අද (06) උදෑසන 07.00ට ආරම්භ වූ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන මධ්‍යස්ථානවලින් තම පක්ෂ මූලස්ථානයට ලැබෙන තොරතුරු අනුව 1977න් පසු මෙරට තනි පක්ෂයක් ලබන අතිදැවැන්තම ආසන සංඛ්‍යාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අත්වනු ඇති බවයි එම පක්ෂයෙහි ප්‍රකාශකයකු මීට සුළු මොහොතකට පෙර ලංකා නිව්ස් වෙබ් වෙත අදහස් දක්වමින් පැවසුවේ.
2020 මහමැතිවරණයේ නිකුත් වූ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය වන ගාල්ල දිස්ත්‍රික්ක තැපැල් ඡන්ද ප්‍රතිඵලයේදී පොහොට්ටුව 72.70%ක් ලබාගෙන තිබිණි.

No comments: