ඡන්දෙන් තුනෙන් දෙක ගන්න බැරිවුණොත් තුනෙන් දෙක හදාගන්න ක්‍රම අපි දන්නවා - මහින්ද
මහ මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එසේ නොවුණහොත් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් නිර්මාණය කරගන්නා ක්‍රම තමන් දන්නා බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
"මම විශ්වාස කරනවා මේ යන විදියට තුනෙන් දෙකක බලයක් ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම බැරිවුණොත් තුනෙන් දෙක හදාගන්න ක්‍රම දන්නවා.
ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු වැඩසටහනක් තියෙනවා ලක්ෂ 69ක් ඡන්දය දීපු. ඉතිං ඒ වැඩසටහන, ඒ ප්‍රතිපත්තිය තමයි අපි ක්‍රියාත්මක කරන්නෙ පාර්ලිමේන්තුවේ. ඒක අනුමත කළා 69 ලක්ෂයක්. ඒ හින්දා අලුත් දේවල් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නෙ, අර ජනාධිපතිවරයාට ඡන්දය දුන්නු වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

No comments: