Header Ads

Breaking News
recent

20න් රාජාණ්ඩුවක් හදනවා.. ගෝටාභය රජ වෙනවා.. අපි විරුද්දයි.. උසාවි යනවා - SJB

ගැසට් මගින් ප්‍රසිද්දියට පත්කර අතර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත් කිරීම සඳහා ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

මෙම සංශෝධනය ඒකාධිපති පාලකයන් බිහි කිරීමේ පළමු පියවර බවද එම පක්ෂයේ අදහසයි.

මෙම පනත මගින් දිස්වන්නේ රාජාණ්ඩුවක මූලික ලක්ෂණ බවක් ජනතාව ශක්තිමත් කිරීම ඉවත් කර පවුලක් ශක්තිමත් කිරීමට මෙමගින් උත්සාහ දරන බවත් එම පක්ෂය විසින් නිවේදනය කරයි.

2015දී සම්මත කල 19 වන සංශෝධනය මගින් ලබාගත් ජනතා ජයග්‍රහණය ආපසු හැරවීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ද පවසන එම පක්ෂය නීතිමය ක්‍රියාවලියක් තුළ එය පරාජය කිරීමට ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කරයි.

එමෙන්ම 19 සංශෝධනය රැක ගැනීම සඳහාත් එය ශක්තිමත් කිරීමටත් කටයුතු කරන ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි. 


No comments:

Powered by Blogger.