Header Ads

Breaking News
recent

20ට සංශෝධන.. විවේචකයන්ට සැනසිලි තෑගි !

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ඇති විසි වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීම බලය පාර්ලිමේන්තුවක් පත් වූ දිනයේ සිට වසර දෙකහමාරක සීමාවක් පැනවීමට තීරණය වී ඇත.

දැනට ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධනයේ එය සඳහන්ව ඇත්තේ වසරකින් පසු විසුරුවීමේ බලය ජනාධිපතිට ලැබෙන ලෙසයි.

එමෙන්ම රටේ ඒකීය බලන්න භාවය පිළිගන්නා බවට වන දිවුරුම නැවතත් එම සංශෝධනයට ඇතුළත් කිරීමට යෝජනා වී ඇතැයිද වාර්තා වෙයි.

තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිලිගැනීමටත්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව තුනක් ලෙස සහ එහි ගණපූරණය දෙකක් ලෙස නව වගන්ති ඇතුළත් කිරීමට ද යෝජනා වී තිබේ.

මෙම සියලු යෝජනාවන් කාරක සභා අවස්ථාවේදී ඇතුළු කිරීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

කෙසේ නමුත් මෙම සංශෝධනයේ ප‍්‍රබල ලෙස විවේචන එල්ල වන ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු නියෝජනට අවසර දීම, හදිසි පනත් සම්මත කිරීම, රාජ්‍ය සමාගම් විගණනයෙන් ඉවත් කිරීම වැනි වගන්ති සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැත. 


No comments:

Powered by Blogger.