පාර්ලිමේන්තු කැන්ටිමේ නිලධාරියෙකු රුපියල් 60,000ක් අල්ලස් ගනිද්දී මාට්ටු !
පාර්ලිමේන්තු භෝජනාගාරයෙහි භාණ්ඩ භාරගැනීමේ නිලධාරියා පළතුරු සැපයුම්කරුවකුගෙන් රුපියල් 60,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගනිද්දී අත් අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තු භෝජනාගාරය සඳහා පළතුරු සපයන පුද්ගලයාට දිගටම එම සැපයුම් කොන්ත්‍රාතුව කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සපයන බව පවසමින් මාසිකව රුපියල් 30,000 බැගින් අල්ලස් ලබාදෙන ලෙස එම නිලධාරියා ඉල්ලීම් කර තිබුණු අතර කඩුවෙල බස් නැවතුම ආසන්නයේදී එසේ මාස දෙකක මුදල් ලබා ගනිද්දී ඔහුව අත් අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පවසන්නේ.
No comments: